Ads 468x60px

.

විද්වත් මණ්ඩලය රූකඩ මණ්ඩලයක් බවට පත් කල අපේ ඇමති ඩබල

පසුගිය සෙනසුරාදා (14) වනදා ජාතික රූපවාහිනිය මගින් විකාශනය කරන ලද අපොස උසස් පෙල ප‍්‍රතිඵල සම්බන්ධයෙන් වූ රූපවාහිනී වැඩසටහන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් විසින් රූපවාහිනී මැදිරියක සිට මෙහෙයවන ලද්දක් බවට වාර්තා වේ.


මෙම රූපවාහිනී වැඩසටහන සඳහා සහභාගී වූ විද්වත් මණ්ඩලය වූයේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා එස් විජේතිලක, කොළඹ සරසවියේ උපකුලපතිනී ආචාර්ය ශානිකා හිරිඹුරේගම මොරටුව සරසවියේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සඹරගමුව සරසවියේ උපකුලපති මහාචාර්ය රංජිත් පේ‍්‍රමලාල් සහ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගූණසේකර යන මහත්ම මහත්මීන්ය. මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ ජනප‍්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන චමින්ද ගුණරත්න විසින්ය.

වැඩසටහනේ විද්වත් මන්ඩලය විසින් යම් අදහසක් පළකළ විට එය මෙහෙයුම් මැදිරියක සිට නරඹමින් සිටි ඇමතිවරුන් දෙදෙනා ‘‘කට් කට්.... එහෙම කියන්න එපා. මෙහෙම කියන්න.’’ කියමින් විද්වත් මණ්ඩලය රූකඩ මණ්ඩලයක් බවට පත්කොට තිබේ.

වැඩසටහනේ නිෂ්පාදකවරයා ඇමතිවරුන් දෙදෙනාට ඔහුගේ කාර්ය පවරා පැත්තකට වී බලාගෙන සිට ඇති අතර වැඩසටහනින් පසුව ඇමතිවරුන් දෙදෙනා පිටවී යාමට පෙරාතුව රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්‍ෂක හා නිෂ්පාදක ඔවුන් ඉදිරියට කැඳවා ‘‘මේ ප්‍රෝග්රූම් එකේ මොනවාවත් එඩිට් කරන්න එපා.’’ යැයි අණකර ඇති අතර ඇමතිවරුන් දෙදෙනාගේ අවශ්‍යතාවය පරිදිම විද්වත් මන්ඩලය සහ නිෂ්පාදකවරුන් කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails