Ads 468x60px

.

දරු පැටවුන් නැතිවූ සොවින් සුනඛ මව මරු දකී

දරු පැටවුන් සිව් දෙනා අහිමිවීමෙන් දැඩි කම්පාවට පත් සුනඛ ‘මවක්’ හද පැලී මිය යෑමේ හද කම්පා කරවන පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවෙයි.මීට සති දෙක තුනකට ඉහත දී මේ සුනඛ මව දරු සිව් දෙනෙකු ප්‍රසූත කළාය.


තම ලේ කිරි කැර පොවමින් අනුරාධපුර නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පිටුපස අගුවක දරුවන් තුරුළු කැර ගෙන ඇය දවස ගෙවා දැමුවාය. මෙයට දින කීපයකට පෙර ඇය කෑමට යමක් සොයා ගෙන වෙළඳ සැලක් පිටුපසට ගියා ය. ඉඳුල් ටිකක් කෑ ඇය දරුවන් සොයා විදුලි වේගයෙන් ආපසු පැමිණියත් ඒ වන විට දරු සිව් දෙනා කිසිවකු පැහැර ගෙන ගොස් තිබිණ.

පැය බාගයක් පමණ වියරු වැටී විලාප තබමින් දරුවන් සෙවූ ඇය කාර්යාල බිමෙන් පලවා හැරීමට සේවකයන් උත්සාහ ගනිද්දී දරුවන් ප්‍රසූත කළ තැනට දිව ගිය ඇය බිම ඇද වැටුනාය. සේවකයකු ඇයට වතුර ඉස්සත් ඒ වනවිට ද ඇය දරුවන් නැති ශෝකය දරා ගත නොහැකිව ලය පැලී මැරී සිටියාය.මේ සුනඛ මවගේ සිරුර සේවකයන් කීප දෙනෙකු විසින් වැඩි කතාබහකින් තොරවම වළ දමා ඇත.

 
 
Related Posts with Thumbnails