Ads 468x60px

.

කොන්කෝඩියා ගිලී අවසන් සිදුවූ පාඩුව මෙන්න

ඉතාලියට බටහිර මුහුදේදී අනතුරට පත් මඟී නෞකාවේ සිටි විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.
සහන සේවකයින් පැවසුවේ, නෞකාව තවදුරටත් පෙරළීම හේතුවෙන් සහන කණ්ඩායම් ඉන් ඉවත් වූ බවයි.


කෙසේ වෙතත් තවදුරටත් එය නිරීක්ෂණය කරමින් සිටින බවත් සහන සේවා යළි ආරම්භ කළ හැකි අවස්ථාවක් පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බවත් ඔවුහු පවසති.ඒ අතර කපිතාන්වරයාගේ වරදින් තම සුඛෝපබෝගී නෞකාව මුහුදුබත් වූ බවට නෞකාව හිමි ඉතාලි සමාගම චෝදනා කරයි.එම සමාගම පවසන්නේ,නෞකාව ගොඩබිමට ඉතා සමීපයෙන් යාත්‍රා කිරීම හේතුවෙන් එය ගල්පරයක වැදී ඇති බවයි.

හදිසි අවස්ථාවකදී අනුගමනය කළ යුතු සමාගමේ ක්‍රියා පිළිවෙළට අනුව කපිතාන්වරයා කටයුතු කර නොමැති බව ද අදාළ සමාගම නිවේදනය කරයි.ඉතාලියේ බටහිර වෙරළ තීරය ආසන්නයේ පුද්ගලයින් 4,200කට අධික පිරිසක් රැගත් කොස්ටා කොන්කෝඩියා නැමැති සුඛෝපභෝගී නෞකාව මුහුදුබත් වීමෙන් පුද්ගලයෝ 6 දෙනෙක් මියගියහ.


අනතුරට පත්වූ Costa Concordia නැව ගිලීයාම නිසා එය අයත් මව් සමාගමට සිදුවන අලාභය පිළිබඳව වාර්තාවේ.මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ අදාළ නැවේ මව් සමාගම වන කාර්නිවල් සමාගමට ඩොලර් මිලියන 95 ක පමණ පාඩුවක් මෙම අනතුර නිසා සිදුවනු ඇති බවයි.මේ හේතුවෙන් කාර්නිවල් සමාගමේ කොටස් අගය සඳුදා දිනයේදී සියයට 16 කින් පමණ පහළ බැස තිබෙන අතර පසුගිය සිකුරාදා රාත්‍රී ඉතාලි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී මෙම නෞකාව අනතුරට පත්වීමෙන් හය දෙනෙකු මියගොස් තිබේ.

නැවේ සිටි 4,200 ක් පමණ වන මගීන් හා කාර්ය මණ්ඩලයෙන් 16 දෙනෙකු පමණ මෙම අනතුර නිසා අතුරුදන්වී තිබෙන බව සඳහන්ය.මනුෂ්‍ය ඝාතනය සැකකරුවෙකු වශයෙන් නෞකා කපිතාන්වරයා දැනට අත්අඩංගුවට ගෙන සිටී.



 
Related Posts with Thumbnails