Ads 468x60px

.

දළදා මාලිගාවේ සල්ලිත් සඟවලා - ඉඩම් ටිකත් විකුණලා

මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට  2009 සිට ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘පවසයි.එසේ  අයවැය සැගවීමට විරෝධය පළකරමින්, ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘  දියවඩන නිලමේට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.


මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේඅත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් කලයුතු වුවද, එය දිනෙන් දින කල්දමමින් සිටින බව  පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු කියති.

‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ විසින් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. 2005 ජුලි මස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට පත්වූ ඔහු 2009 සිට දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි චෝදනා කරමින් එම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ

මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු පවසනවා. මෑතක පැවැත්වුනු ඔහුගේ විවාහ මංගල්‍යයේ මංගල රථය ලෙස එංගලන්තයෙන් ගෙන්වාගත් කොටස් වලින් සැකසූ මිනි කූපර් රථයේ බෆර් දෙකෙහි රත්තරන් ආලේප කිරීම සඳහා මාලිගාවේ රත්තරන් යොදා ගත්බවටද චෝදනා එල්ලවී තිබෙනවා.


මාලිගාවේ රත්තරන් තම පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා යොදාගත්තාට අමතරව මෙම රත්තරන් ආලේප කිරීමේ වියදමද මාලිගාවේ ගිණුමට බැර කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම මිනි කූපර් රථය එකලස් කිරීමට එංගලන්තයේ සිට පැමිණි ඉංජිනේරුවන් දෙදෙනාගේ වියදමද මාලිගාවේ මුදලින් ගෙවා දමා දමා තිබෙනවා. දළදා මාලිගාවට දිනකට අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන අතර එම මුදල් අයථා ලෙස පාවිච්චි කිරීම් ඇතුළුව මොහුට විරුද්ධව විශාල ප‍්‍රමාණයක් දූෂණ චෝදනා ඇති බවත් ‘සුරකිමු සිරි දළදා’ නම් ව්‍යාපාරයක් මගින් ඊට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් අවශ්‍ය පියවරයන් ගනිමින් සිටින බවට වාර්තා වෙනවා.

"සුරකිමු සිරි දළදා" ජාතික ව්‍යාපාරය මහනුවරදි 2011 නොවෑම්බර් මස පිහිටුවාගන්නා ලද අතර එය දළදා මාලිගාවට හෝ එහි ශ්‍රී නාමයට, චිරානුගත සම්ප්‍රදායන්ට හෝ, නිශ්චල චංචල ද්පලට හානි වන්නාවූ හෝ, සම්ප්‍රදායන් වෙනස් කිරීම හෝ ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරී හෝ ඊට සම්බන්ධ මොනයම් නිලයකින් හෝ ලැබෙන වරප්‍රසාද මාලිගාවේ ශ්‍රී නාමයට හානි වන ලෙසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුනුවා ගන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් එම අවස්ථාවලදී අදාල අංශ දැනුවත් කිරීමත් අරමුණු කරගන පිහිටුවාගන ඇති බවයි පැවසෙන්නේ.




මෙහි දැක්වෙන්නේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල තමන්ගේ විවාහ මංගල්‍යයේ පලමු ගමනට යොදාගෑනිම සඳහා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථයයි. මෙහි රත්‍රං ආලේප කර ඇත්තේ දළදා මාලිගාවේ රත්‍රං වලින් වන අතර මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුවපස නිළ නිවසේ (රාජා ඈතාගේ සොහොන උඩ) ගාල් කර ඇත.






මාළිගාවෙත් ඉඩම් විකුණයි
මහනුවර ශ්‍රී දළදා මාළිගාව සතු ඉඩම් ඉඩම් කොටස් කිසියම් පෞද්ගලික ආයතනයකට අලෙවි කර ඇති බවට සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.එහි සභාපති ආර්.එස්.පී.බී. සේනානායක ‍ඊයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙලෙස එම කරුණු අනාවරණ කළේය.

"දළදා මාළිගාව සතු ඉඩම් තියෙන ක්‍රම දෙක තුනකටම එතකොට අපිට දැනගන්න ලැබූණා. සමහර ඉඩම් සමහර සමාගම් මහනුවර ප්‍ර‍දේශයේ කාර්යාල පවත්වා ගෙන යන සමහර සමාගම් සඳහා දළදා මාළිගාවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් යන දෙපාර්ශවයම විසින්ම එකතු වෙලා දළදා මාළිගාවට පෙර රජ දරුවන් පූජා කළ ඒ ඉඩම් ඉරහඳ පවතිනාතාක් ඒ පරම අයිතිය ඇතිව පුජා කළ ඉඩකඩම් අන්‍ය ආකාරයකට කුණු කොල්ලයකට මේවා අන්සතු කරලා තියෙනවා. මේක ඇත්තටම බරපතල සිද්ධියක් මං දන්නෑ මේ වගේ ගියොත් එහෙම මොනවගේ තත්ත්වයක් දළදා මාළිගාවට අත්වෙයිද කියලා"

අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි වාර්තා ඉදිරි දිනයේ නිකුත් කරන බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසයි. ඒ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ පත්‍ර අලෙවියේදී සිදුව ඇතැයි, පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ තිබේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක පවසන්නේ,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අධ්‍යක්ෂවරයා විසින්, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සංචාරක ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර, අලෙවි කිරීම එම විමර්ශනය ආරම්භ කිරීමට හේතුවී ඇති බවයි.මේ වන විට ඒ සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
 
Related Posts with Thumbnails