Ads 468x60px

.

මෙන්න ගුරුවරුන්ගේ වැඩ

උසස් පෙළ හදාරන සිසුවියන් රවටා ඔවුන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන වේයන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක දේශපාලන විද්‍යා ගුරුවරයකු සම්බන්ධව පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ගුරුවරයා අතින් සිසුවියන් හත් දෙනෙකු පමණ අතවරයට ලක්වී ඇති බවත් කිහිප දෙනෙකුම ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත් හෙළිව තිබේ.

මෙම තත්ත්වය මත දෙමාපියන් විසින් මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින තම දරුවන් දේශපාලන විද්‍යාව විෂය වෙනුවට වෙනත් විෂයන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධව කළ විමර්ශනයකදී අතවරයට පත් පාසල් සිසුවියකගේ පියා පැවසුවේ මෙම ගුරුවරයා තමාට පාතාල සබඳකම් ඇති බව කියා තම දරුවන් බියවද්දා ඇති නිසාත් මෙවැනි දෙයක් පොලීසියට පැමිණිලි කළහොත් තම දරුවන් ලැජ්ජාවට පත්වන නිසාත් මෙය වසන් කරගෙන සිටිනවා හැරෙන්නට වෙනත් කිසිවක් කළ නොහැකි බවයි.
 
එමෙන්ම පාසලේ විදුහල්පතිවරයා හා නියෝජ්‍ය විදුහල්පතිවරයාත් ළමුන්ට අතවර කිරීමේ සිද්ධීන්වලට චෝදනා ලැබ සිටින අය බවත් දේශපාලන බලය මත මොවුන් තනතුරේ රැඳී සිටින බවත් නම කීමට අකමැති වූ පාසල් සිසුවියගේ පියා පැවසුවේය.මීට පෙර මෙම ගුරුවරයා එළුවාපිටිය ප‍්‍රදේශයේ පාසලක සේවය කරමින් සිටියදී පාසල් සිසුවියක් දූෂණය කර එම චෝදනාවෙන් ගැලවීමට පාසල් සිසුවියගේ මවට රුපියල් පනස් දහසක් දී ඇති බවත් මෙම දෙමාපියන් හෙළි කරගෙන ඇත.
 
එම සිද්ධියෙන් පසුව එළුවාපිටිය ප‍්‍රදේශයේ දෙමාපියන් මෙම ගුරුවරයා ප‍්‍රදේශයෙන් එළවා ඇති බවත් හෙළි වී තිබේ. පසුව වේයන්ගොඩ පාසලට පැමිණි ඇති මෙම ගුරුවරයා සවස් වරුවේ පන්ති පවත්වන කාලය අතරේ සිසුවියන් තනිකර ඔවුන් ලිංගික අපයෝජනයන් සඳහා පොළඹවාගෙන ඇතැයිද හෙළි වී තිබෙනවා.
 
මොහු වරෙක පාසලේ උසස් පෙළ සිසුවියන් විනෝද චාරිකා සඳහා හන්තානේ රැගෙන ගොස් ඔවුන්ට විවිධ අතවර කර ඇති බවද මේ වන විට හෙළි වී ඇත. මෙම චාරිකාවට ගුරුවරියන් කිසිවකුත් සහභාගි කරවාගෙන නොතිබීමද විශේෂත්වයකි.මීට අමතරව ගුරුවරයාගේ නැන්දනීයගේ අවමංගලය්‍යයක් දිනයේදී උපකාරක පන්තියකට එක්වන සිසුවියන් රවටාගෙන යාමේ සිද්ධියක් හෙළිවීමෙන් පසුව වේයන්ගොඩ බෙම්මුල්ලේ පිහිටි සිසුවියගේ නිවසට පැමිණ ඇති ගුරුවරයාගේ බිරිඳ හා ඇයගේ සොහොයුරිය පාසල් සිසුවියට ප‍්‍රසිද්ධියේම බැණ වැදී ඇති බවත් හෙළි වී ඇත.
 
මෙම පාසල තුළ උද්ගත වී ඇති වාතාවරණය මත ළමුන්ගේ දෙමාපියන් කිසිවක් කර ගත නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බව දැන ගන්නට ඇත.

 
Related Posts with Thumbnails