Ads 468x60px

.

විවාහ මංගල්‍ය දිනෙන් දින කල්යාමට හේතුව,සුබ 2011 න් පසුව නිසයි - රොෂාන්

ජනපි‍්‍රය නිලියක් වන චතුරිකා පීරිස් හා ජනපි‍්‍රය නළුවෙකු වන රොෂාන් පිලපිටියගේ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව වාර්තා වේ.
නැවත වරක් තම දෙපළ කාර්යබහුල වී ඇති බැවින් විවාහ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව චතුරිකා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

මීට පෙර චතුරිකා ඔවුන්ගේ විවාහ මංගල්‍ය දිනෙන් දින කල්යාමට හේතුව ලෙස පෙන්වාදී තිබුණේ කේන්දරවලට අනුව විවාහ වීමට සුබ 2011 න් පසුව බවට දෛවඥයන් පවසා ඇති බව සඳහන් කරමිණි.

කෙසේවුවද රොෂාන් හා චතුරිකා දැනට කලා ක්‍ෂේත‍්‍රයේ සිටින පැරණිම පෙම් යුවල ලෙස ද හැදින්වේ.
මේ අතර මොවුන්ගේ විවාහය දිනෙන් දින කල් දැමීමේ රහස ඔවුන් මේවන විට විරසකව සිටීම නිසා බවට ද පසුගිය කාලයේදී පුවත් පලවී තිබිණි.

රොෂාන් හා චතුරිකාගේ නිෂ්පාදන ආයතනයෙන් නිපදවූ ‘සිහින අරන් එන්න’, ‘සිකුරු සංග‍්‍රාමය’ වැනි ටෙලි නාට්‍යවලින්ද   ඕස්ටේ‍්‍රලියාවේ දී රූපගත කිරීම් සිදුකළ ‘මතක සුළඟ’ හා ‘සඳ නැති රැය’ වැනි ටෙලිනාට්‍ය හරහාද චතුරිකා ඉදිරිකාලයේදී පුංචි තිරයෙන් දැකගත හැකි බවද පැවසේ.

මේ දිනවල චතුරිකා ‘රන්සිළු’ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක් වන අජිත් ප‍්‍රසන්න ගේ ‘බිඳුණු සිත්’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වී සිටින බව වාර්තා වේ.

 
Related Posts with Thumbnails