Ads 468x60px

.

ඇමරිකා ගිය නෙහාරා සහ මේනක

ඇමෙරිකාවේ රූගත වන පළමු ශ‍‍්‍රී ලාංකීය ටෙලි නාට්‍යය වන 'ආදරණීය නයගරා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සඳහා සහභාගිවීමට ජනපි‍‍්‍රය නිළි නෙහාරා පීරිස් හා ජනපි‍‍්‍රය නළු මේනක රාජපක්ෂ බොස්ටන් නුවරට ගොස් තිබේ. කොටස් 36කින් සමන්විත වන 'ආදරණීය නයගරා’ කතා පුවත ඇමෙරිකාවට සංක්‍රමණය කරන ලද ශ‍‍්‍රී ලාංකික පවුල් දෙකක් අතර ඇති වන සිදුවීම් පෙළක් වටා ගෙතී ඇත.


චිත‍‍්‍රාල්මෙල් ගේ අධ්‍යක්ෂනයක් වන 'ආදරණීය නයගරා’ හි සංගීතය ආචාර්ය අර්ජුන බාලසූරිය විසින් නිර්මාණය කර තිබේ. ජනක කුඹුකගේ, ඇතුළු ජනපි‍‍්‍රය තරු රැසකට අමතරව, ඇමෙරිකාවේ වෙසෙන ශ‍‍්‍රී ලාංකිකයන් රැසක් ද මෙම ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකවීමට නියමිතය.කෙසේවුවද නෙහාරා පීරිස් සිය පළමු සැමියාගෙන් ඈත්වීමත් සමග මේනක රාජපක්‍ෂ සමග ඇතැයි කියන හාදකම සම්බන්ධයෙන් වන රාවයට මෙම සංචාරයත් සමග තටු ලැබී ඇතැයි ද කලා ක්‍ෂේත‍‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා සමඟ නෙහාරා විවාහවී සිටියාය.

නිර්මාල් මුදලට කෑදර අයෙක් බව ක්ෂේත‍‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, පසුගිය කාලයේදී නෙහාරා නිර්මාල් සමඟ සිටියදී නෙහාරා සම්බන්ධ සියලූ‍ම මුදල් ගණුදෙනු කරනු ලැබුවේ නිර්මාල් විසින් බවද පැවසේ.ඇය ටෙලි නාට්‍යක්, චිත‍‍්‍රපටයක් හෝ නර්තන ප‍‍්‍රසංගයක් සඳහා ගන්නා මුදල තීරණය කර ඇත්තේද නිර්මාල් විසින් වන අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුල් ඉමක් නොවන බවද පැවසේ.

නෙහාරා සිය පවුලේ ආරවුල් ඇගේ සමීපතම හිතමිතුරන් සිවුදෙනෙකු සමඟ පසුගිය කාලයේදී නිතර පැවසූ බවත්, ඔවුන් පිරිමි යහළුවන්  බවද වාර්තා වේ.කෙසේවුවද නෙහාරා නිර්මාල්ගේ නිවසින් පිටවී ගොස් ඇත්තේ හිස් අතින් බවත් පැවසේ.නෙහාරා පීරිස් මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන 'රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ මහීමාගේ චරිතය ජනප‍‍්‍රියත්වයට පත්වූවාය.

ඇය දෙරණ නාලිකාවේ ඉදිරිපත්කරනු ලැබූ ටී පාර්ටි වැඩසටහන නිසා වැඩි ජනපි‍‍්‍රයත්වයකට පත්ව වූවාය.
ජනප‍‍්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් නොකඩවා තෙවරක්ජනප‍‍්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා ය.ඇගේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනකුට අමතක නොවන චරිතයක් බවට පත්ව ඇති අතර, නෙහාරා අදටත් බොහෝදෙනා හඳුන්වන්නේ 'මුතුකිරිල්ලී’ ලෙස ය.

නෙහාරා මුලින්ම ක්ෂේත‍‍්‍රයට පැමිණියේ වෙළෙඳ දැන්වීම් හරහාය.ඇය 2006 වසරේදී මුලින්ම ලංකා බෙල් වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ඇගේ රංගන චාරිකාවට අත්පොත් තැබුවාය.එසේම එම වසරේම ප‍‍්‍රදර්ශනය කෙරුණු ඩයලොග් වෙළෙඳ දැන්වීම හේතුවෙන් බොහෝ දෙනා අතර ඇය කතාබහට ලක්වූවාය.සෙනෙහසට ආදරෙයි නම් ටෙලි නාට්‍යයේ රශ්මි නැමැති හදවත් රෝගියෙකුගේ චරිතයකට පණ පොවමින් නෙහාර සිය මුල්ම ටෙලිනාට්‍ය සටහන් කළාය.

පසුව රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ 'ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි නම් සුළු චරිතයක් සඳහාදායකවූවාය.සිරස රූපවාහිනියේ මැජික් බොක්ස් සංගීත වැඩසටන ඉදිරිපත් කිරීමත් සමග ඇයට ටෙලි නාට්‍ය සඳහා ආරධනා වැල නොකැඩී ගාලාබව ඇය පවසන්නීය.පසුව ඇය සිරස ඩානිසින් ස්ටාර් හරහා නර්තන ශිල්පිණියක් ලෙස ද ප‍‍්‍රසිද්ධියට පත් වූවාය.



 
Related Posts with Thumbnails