Ads 468x60px

.

රන්ජන් රගපෑමට අවස්ථාවක් නැති වුන හින්ද බොරු රගපෑමක් කරලා

සිරස නාලිකාව ඔස්සේ විකාශය වන සිහින පුරය ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ රන්ජන් ප‍්‍රසන්න සාදයකට සහභාගිවී සිටියදී දත කට පූට්ටූවී අකරතැබ්බයකට ලක්වූ බව වාර්තා වේ.සිහින පුරය ටෙලියේ 200 වැනි කොටස විකාශය වීමේ පී‍්‍රතිය භූක්ති විදීම සඳහා පැවැති සාදයකදී රන්ජන්ගේ දත කට පූට්ටුවී තිබේ.


කෙසේවුවද මෙම සිද්ධියෙන් එම ටෙලියේ සියළුම රංගන ශිල්පීන් මහත් කළ බලයට පත්වූ බවද පැවසේ. මේ අතර, ‘සිහින පුරය’ටෙලිනාට්‍යයේ රගන ප‍්‍රතිභා හෙට්ටිආරච්චි (හිමාෂි) සිය අධ්‍යක්‍ෂවරයා රෝහලක් වෙත රැගෙනයාමට ගිලන් රථයක් ගෙන්වා ගැනීමට පොලිස් ජංගම සේවයට (119) දුරකථන ඇමතුමක් ලබාදුන් බවට ද රාවයක් තිබේ.

කෙසේවුවද මේ කලබල අස්සසේ සුළු මොහොතකින් දත කට පූට්ටුවී බිම වැතිරී සිටි රන්ජන් කිසිදු අපහසුවකින් තොරව නැගිට සුපුරුදු ලෙස සාදයට එක්වී තිබේ.සුළු මොහොතකින් සිහින පුරයේ සෙසු රංගන ශිල්පීන් රන්ජන්ගේ බොරුව තේරුම් ගැනීමට සමත්වී ඇත.

බොස් මොකද හදිස්සියෙන්ම කම් බස් වුනේ යැයි ‘ද සීනා’ (සරත් කරුණාරත්න) රන්ජන්ගෙන් ඇසූ විට රන්ජන් පෙරලා ‘ද සිනා’ගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ මගේ රගපෑම ඔය ඔක්කොමට වැඩිය හොඳ නැද්දැයි යනුවෙන් බවද පැවසේ.

සිහින පුරය කොටස් 200 ක් අධ්‍යක්ෂණය කලද රංජන්ට එම එක කොටසක හෝ රගපෑමට අවස්ථාවක් නොලැබුණ බැවින් ඔහු තිරයෙන් පිට මෙම රංගනය සිදු කල බව සිහින පුර කලා ශිල්පීන්ගේ අදහසයි.

 
Related Posts with Thumbnails