Ads 468x60px

.

දිමූ ගෙන් හිස්සැල්ලට බඩකට පිරෙන්නටම සංග‍්‍රහයක්

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්ත සංජිව හිස්සැල්ල තමාට වඩා වැඩිමහලූ, තලතුනා රටේ  ඕනෑම ප‍්‍රභූවරයෙකුට ආමන්ත‍්‍රනය කරන්නේ මචං කියා බව වාර්තා වේ. මෙම වචනය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ මුදුන්මල්කඩ වූ දළදාමාලිගාවේ නිලධූරයක් හොබවන්නෙකුට කෙතරම් උචිත දැයි සිතාබැලීම පාඨක ඔබට භාරකරමු.


ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ අතිදැවැන්තයාවන හැරී ජයවර්ධන ට හිස්සැල්ල අමතන්නේ ‘මචං හැරී’ කියාය. ශ‍්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත‍්‍රයේ තවත් දැවැන්තයෙකුවන මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හිස්සැල්ලට ‘මචං පී.බී’ ය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ  ඕනෑම ඇමතිවරයෙක් මන්ත‍්‍රීවරයෙක් ඔහුට ‘මචං’ කෙනෙකි.

මොවුන් හැමකෙනෙක්ම හිස්සැල්ලට හොම්බට දෙකක් නොඇන සිටින්නේ පූජාවක් සඳහා මාලිගාවට ගියවිට ‘‘වී.අයි.පී ටි‍්‍රට්මන්ට්’’ ලබාගැනීම සඳහාය. නමුත් මෙය නොදිරවාපු එකම මිනිහා වත්මන් අගමැති දිමු ජයරත්නය. දිනක් හිස්සැල්ල ඔහුට ‘මචං දිමු’ කියූ විට (මෙය සිදුවූයේ ඔහු අගමැතිවීමට කලිනි) දිමූ ජයරත්න මහතා හිස්සැල්ලට බඩකට පිරෙන්නටම සංග‍්‍රහ කොට තිබේ. ‘‘තමුන් මේ වගේ තැනක වගකීමක් කොරන අයෙක්. නිකන් ප‍්‍රයිවට් බස්කාරයෙක් වගේ කැත විදිහට හැසිරෙන්න එපා’’ යැයි දිමූ කී විට හිස්සැල්ල හෙමින්ම මාරුවී තිබේ.

හිස්සැල්ල මචං කී විට තරහ නොයන එකම පුද්ගලයා ඉංජිනේරු හා ඉදිකිරීම් ඇමති විමල් වීරවංශය හේතුව නම් ඔවුන් දෙදෙනාම බොහෝ විට එකම දේ බෙදාහදාගෙන කන බැවිනි. පමණක් වෙලාවට විමල් තලූමරමින් කොහේ හෝ කෑමක් කනවිට හිස්සැල්ල ශෂීට ටෙලිෆොන් කොට කනකෑමේ නමත් කනස්ථානයත් පවසන්නේ යාලූ ෆිට් එකටය. විමලූත් ශෂීත් ඇරගන්නා විට හිස්සැල්ලගේ කරල් පැහේ.

බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ ශ‍්‍රී ධන්ත දළදා මාලිගාව අද එකම හොර ගුහාවකි. හොරගුහාවේ නායකයා දියවඩන නිලමේ තැන්පත් ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාරය. උපනායකයා මාධ්‍ය අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්ත හිස්සැල්ලය. මුන් දෙදෙනා විසින් ශ‍්‍රී දළදා ‘ඞීල්’ මාලිගාව ආරම්භ කොට තිබේ. අපට කියන්නට තිබෙන්නේ ශ‍්‍රී දළදා හාමුදුරුවන්ට ‘ඞීල්’ කාරයින්ගේ පිහිටයි කියාය.
 
Related Posts with Thumbnails