Ads 468x60px

.

විශ්ව විද්‍යාල උද්ඝෝෂණවලට කැමති අපේ ඇමති

මේ දිනවල විශ්ව විද්‍යාල තුල පවතින උණුසම් උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට තමන් ඉතා කැමති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. කිසිවකුගේ අතකොළුවක් ‍නොවන්නැයිද අමාත්‍යවරයා විශ්විවද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී.

 ඒ මහතා මෙම අදහස් පල කලේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේ දවස්වල විශ්වවිද්‍යාලවල ඇතුළේ මේ දරුවන් ඇතුළේ  මහ විශාල  උණුසුමක් උද්ඝෝෂණයක් සටනක් තියෙනවා. මම ඒකට කැමතියි. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අකුළනු ප්‍රධාන සටන් පාඨය වෙලා. තියෙන්නේ, පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමේ නීතිය මේ රටට ගෙනාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඒ අනුව ඇමතිවරයාට පුළුවන් ඕනෑම ආයතනයට උපාධි ප්‍රදානය ගැසට් එකකින් දෙන්න. ඒක ගැන උසාවියේ වත් අභියෝග කරන්න බැහැ.

කාටවත් විශ්වවිද්‍යාලයක් පටන්ගන්න මගේ ළඟට එන්න ඕනේ නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එන්න ඕනෙත් නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හම්බ‍ වෙන්න එන්න ඕනෙත් නැහැ. ඒ නිසා 84 ඉදලා මෙහෙම විශ්වවිද්‍යාල 51ක් මේ ලංකාවේ පටන් අරගෙන තියෙනවා. මම කියන්නේ අතකොලු වෙන්න එපා. මේ විශ්වවිද්‍යාල වෙනස් වෙන්න ඕන”
 
Related Posts with Thumbnails