Ads 468x60px

.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ පළමුවන අධි තාක්ෂණ (HDTV) විකාශය අද (20) සහ හෙට (21)

ශ්‍රී ලංකාවේ පළමුවන අධි තාක්ෂණ (HDTV) විකාශය අද (20) සහ හෙට (21) ගාලු මුවදොර සිට විකාශය කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී ඇමෙරිකානු ජාතික දේශිකාවක් වන ජොයිස් මේයර් මහත්මිය විසින් පවත්වනු ලබන ආශීර්වාදාත්මක දේව මෙහෙය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රටවල් 140කට ගෝඩ් ටීවී ඔස්සේ සජීවීව විකාශය කිරීමට පියවර ගෙන ඇත.


මෙම විකාශනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට අධිතාක්ෂණ රූපවාහිනී නිෂ්පාදන හඳුන්වා දුන් ෆයින් විෂන් ආයතනය මඟිනි.මෙම විකාශනය සඳහා ෆයින් විෂන් ආයතනය විසින් මෙරටට ගෙන්වන ලද අධිතාක්ෂණ බාහිර පටිගත කිරීමේ රථය ප්‍රථම වරට භාවිතා කරනු ලබන අතර, චන්ද්‍රිකා විකාශය කරනු ලබන්නේ TV Lanka ආයතනය විසිනි.ගෝඩ් ටීවී HD චැනලය ලංකාවට නොපෙනුනද එහි සාමාන්‍ය චැනලය ඩයලොග් ටීවී ඔස්සේද විකාශණය කරනු ලබනවා.

මෙම විකාශනය සඳහා අධිතාක්ෂණ කැමරා උපකරණ සපයන්නේ ශ්‍රී ලංකාවට අධිතාක්ෂණ රූපවාහිනී නිෂ්පාදන හඳුන්වා දුන් ෆයින් විෂන් ආයතනය මඟිනි. ඔවුන් විසින් මෙරටට ගෙන්වන ලද අධිතාක්ෂණ බාහිර පටිගත කිරීමේ රථය ප්‍රථම වරට මෙහිදී භාවිතා කරනු ලබනවා. චන්ද්‍රිකා විකාශය කරනු ලබන්නේ ටීවී ලංකා ආයතනය විසිනි.
පහත දැක්වෙන්නේ ෆයින් විෂන් ලංකා ආයතනයේ අධි තාක්ෂණික උපකරණ වලින් කිහිපයකි





 
Related Posts with Thumbnails