Ads 468x60px

.

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ට අවවාදයක්‌!

ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට හැටන් මාර්ගයෙන් පැමිණෙන බැතිමතුන්ගේ කෑම පාර්සල් පැහැර ගැනීමට වඳුරන් සහ රිළවුන් පෙළඹී සිටින බැවින් ප්‍රවේශම් විය යුතු බව ජාතික ආපදා කළමනාකරණ ඒකකය අවවාද කරයි.


ශ්‍රී පාද වන්දනාව (2012) ආරම්භ වූ දිනවලදී රිළවුන් මෙම ප්‍රදේශයේ නොසිටි බවත් මේ වන විට හැටන් මාර්ගයේ රංචු පිටින් රිළවුන් සහ වඳුරන් සිටින බවත් ආපදා කළමනාකරණ නුවරඑළිය දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂ එරන්දන හේමවර්ධන මහතා පැවැසීය.

බැතිමතුන් විසින් අතරමඟදී ගැනීමට රැගෙන එන ආහාර පාර්සල් සහ අතරමගදී නැවතී ආහාර ගැනීමේදී රිළවුන් සහ වඳුරන් එම ආහාර ඩැහැ ගැනීමට වෙර දරන බැවින් වඩාත් ප්‍රවේශම්කාරී වෙන්නැයි ද අවවාද කෙරේ.

කුඩා පිරිස්‌ හෝ කණ්‌ඩායම් වශයෙන් ආහාර නොගෙන විශාල බැතිමතුන් එක්‌ව ආහාර ගැනීම මෙම අවහිරයෙන් මිදීමට කළ විකල්පයක්‌ බවද ඒ මහතා අවධාරණය කරයි. මෙම සතුන් ආහාර පැහැර ගැනීම සඳහා හිරිහැර කිරීමට ඉඩ ඇති බවද පැවැසීය.
 
Related Posts with Thumbnails