Ads 468x60px

.

පෙම්වතියකගේ චරිතයක්‌ කරන්න ආසාවෙන් ඉන්නවා - නදී

මේ දිනවල රූපවාහිනි නාලිකා කිහිපයකම විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයක විවිධ චරිත රැසකට තම රංගදායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකික කාල තරු අතරට එක්‌වූ ඇය නදී දර්ශනීය. නදී කොහොමද නිළියක්‌ ලෙස ගමන ඇරඹුවේ?


නිළියක්‌ ලෙස ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට ලොකු ආශාවක්‌ තිබූ නිසා මම ඒ සඳහා අවස්‌ථාවක්‌ ලැබෙන කම් ඇඟිලි ගනිමින් සිටින විටයි මට අපේ පවුලේ හිතවතකුගෙ මාර්ගයෙන් ඒ අවස්‌ථාව උදා වුණේ. මම පළමුව රඟපෑ ටෙලිනාට්‍ය සිහින පුරයයි. සිහින පුරයෙන් ඇරඹූ ඔබ මේ වනවිට කොපමණ දුරක්‌ ගොස්‌ සිටිනවාද?

සිහින පුරයෙන් පස්‌සේ සිහින පියාපත්, සබ්බ සකල මනා, සේරා, සත්කුළුපව්ව, පිනිබිංදු සහ හිතන්න පොඩ්ඩක්‌ හිතන්න ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්‌ථාව ලැබුණා. ඊට අමතරව මේ දිනවල තවත් ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරමින් ඉන්නවා. නවකයෙක්‌ ලෙස ක්‍ෂේත්‍රයට එක්‌වූ විගසම කොහොමද නදීට මෙතරම් නාට්‍ය ගණනාවකට ආරාධනා ලැබුණේ?

මම හිතන්නේ ඒක මගේ වාසනාව වෙන්න ඇති. අනික මට ලබාදුන් චරිතය මම මට හැකි උපරිමයෙන් ඉටු කරන්න දැඩිව කැප වෙනවා. ඒකත් එක හේතුවක්‌ වෙන්න ඇති. ඔබට ලැබුණ චරිතවලට සාධාරණත්වයක්‌ ඉෂ්ට කළා කියා ඔබ හිතනවාද?

ඇත්තටම මම උපරිමයෙන්ම සාධාරණත්වය ඉෂ්ට කළා කියා හිතෙනවා. බොහෝ විට අප ආධුනික මට්‌ටමේ සිටින නිසා සිදුවෙන අඩුපාඩු ප්‍රවීනයන්ගෙන් විමසා අධ්‍යක්‍ෂවරුන්ට අවශ්‍ය ආකාරයට මගේ රංගනය ඉදිරිපත් කළා.

නදීගේ පවුලේ තොරතුරු ගැන කතා කළොත්?

අපේ පවුලේ පස්‌ දෙනයි. අම්මා, තාත්තා, අක්‌කා, අයියා සහ මම. මගේ ගම රත්නපුරය දැනට පදිංචිව සිටින්නේ මහරගම.

ඔබ දැනට රඟපා ඇති චරිත ගැන කතා කළොත්?

විවිධ චරිත ලැබුණා. ඒ අතරින් අම්මාගේ චරිතය කිහිපවිටක්‌ම කළා. සාත්තු සේවිකාවගේ චරිතයක්‌ කළා. කරපු හැම චරිතයකම වගේම විවිධත්වයක්‌ තිබුණා.

ඔබ වැඩිපුරම රඟපාන්න කැමැති චරිතයක්‌ තිබෙනවාද?

ඔව්· ප්‍රේමවන්තියක්‌ ලෙස චරිතයක්‌ කරන්න ලොකු ආසාවක්‌ තිබෙනවා.

අනාගත බලාපොරොත්තු අවදි කළොත්?

රංගනය ගැන වැඩිපුර අධ්‍යාපනයක්‌ ලබන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දක්‍ෂ චරිතාංග නිළියක්‌ ලෙස ක්‍ෂේත්‍රයේ හැකිතාක්‌ කාලයක්‌ රැඳී සිටීම තමයි එකම බලාපොරොත්තුව.
 
Related Posts with Thumbnails