Ads 468x60px

.

කිරුළට ගෙනා 96 ලෝක කුසලානේ ඇණ ටිකටත් විදියි

අනුරාධපුර ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ තිබූ 1996 වසරේදී ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නා ලද ක්‍රිකට්‌ ලෝක කුසලාන අඩංගුව තිබූ වටිනා ඇණ කිහිපයක්‌ අතුරුදන්ව ඇති බව වාර්තාවේ.වීදුරු ආවරණයක්‌ තුළ ප්‍රදර්ශනයට තබා තිබූ මෙම 96 ලෝක කුසලාන රැගෙන යන අවස්‌ථාවේ එහි දෙපැත්තක තිබූ සුදු රත්තරන් වර්ගයේ ඇණ දෙකක්‌ අතුරුදන්ව ඇති අතර ක්‍රිකට්‌ ආයතනයෙන් රැගෙන යන අවස්‌ථාවේ නොතිබූ සුළු පළුදුවීම් කිහිපයක්‌ද කුසලානයෙන් දැක ගත හැකි බව වාර්තා වේ.


මීට අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම ජය ගත් තවත් කුසලාන කිහිපයක්‌ද මෙම ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ ඇති අතර එම ඇතැම් කුසලානවල අඩංගු විවිධ කොටස්‌ කැඩී බිදී ගොස්‌ තිබේ. ඇතැම් කුසලාන කිහිපයක තැළීම්ද සහිතව දැක ගන්නට හැකි බවද වාර්තා වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ කිසිදු නිලධාරියෙක්‌ මේ වන විට දැනුවත් නොමැති බවද වාර්තා වේ.

අදාළ ප්‍රදර්ශනය සඳහා මෙම කුසලාන භාරව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සේවය කරන සිදත් ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත. ඔහු මෙම දින නවයේ ප්‍රදර්ශනය සඳහා සහභාගි වීම සඳහා රුපියල් ලක්‍ෂයක පමණක මුදලක්‌ ලබාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. එම මුදල් ඔහුගේ ඉදුම් හිටුම් සහ කෑම බීම ඇතුළු අනිකුත් දෑ සඳහා වියදම් කිරීම වෙනුවෙන් ලබා ගත් බව වාර්තා වේ.

එම සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උසුලනු ලැබූවේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාය.
 
Related Posts with Thumbnails