Ads 468x60px

.

දැන් රියදුරු බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට

දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල මට්ටමින් අන්තර්ජාල පහසුකම ඔස්සේ රියදුරු බලපත‍්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ තවත් දිස්ති‍්‍රක්ක 04 ක දියත් කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව  සැලසුම් කර තිබෙනවා. 


මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් බී.ඞී.එල්. ධර්මපි‍්‍රය හිරු ප‍්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, වවුනියාව, පුත්තලම, කළුතර සහ මඩකලපුව දිස්ති‍්‍රක්කවල මෙම වැඩපිළිවෙළ අලූතින් කි‍්‍රයාත්මක කරන බවයි. 

 දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල මට්ටමින් රියදුරු බලපත‍්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට හම්බන්තොට, ගම්පහ සහ කුරුණෑගල දිස්්ති‍්‍රක් කේලම් කාර්යාලවල සිදුවනවා. එමෙන්ම දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව ද එය කි‍්‍රයාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, අඛණ්ඩව ඉහළ යන රිය අනතුරු  අවම  කර ගැනීම සඳහා මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය කුමක්ද යන්න පිළිබඳවත් අප කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමක් කළා.
 
Related Posts with Thumbnails