Ads 468x60px

.

සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂ ගත වූ ග්‍රහලෝකයක් සොයා ගැනේ

නාසා හි කෙප්ලර් මෙහෙයුම යොදා ගනිමින් නවතම පරියුග්ම ග්‍රහ පද්ධති දෙකක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත. මෙය “ස්ටාර් වෝ” (Star War) චිත්‍රපටියහි එන “ටැටුයින්” (Tatooine) මෙන් සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂ ගත වූ ග්‍රහලෝකයන් වේ. මෙම සොයා ගැනීම, පරියුග්ම ග්‍රහලෝක සංඛ්‍යාව තුනක් දක්වා ඉහල දැමීමට සමත් වේ. 


සූර්යයන් දෙදෙනකු වටා කක්ෂගත වන ග්‍රහලෝක තිබීම සාමාන්‍ය සිද්ධියක් විය යුතු මෙන්ම අපගේ චක්‍රාවාටයේ මෙවැනි ග්‍රහලෝක මිලියන ගණනක් පැවතිය යුතුය.

මෙම සිද්ධිය නේචර් (Nature) ජර්නලයේ ප්‍රකාශයට පත් කල අතර මෙහි මූලිකයා වූ සැන් දියාගෝ ප්‍රාන්ත සරසවියේ විලියම් වෙල්ෂ් (William Welsh) විසින් ඇමරිකානු තාරකා විද්‍යා සමාජයේදී ද මේ පිළිබඳව ඉදිරිපත් කර ඇත. 

සෙනසුරුගේ ප්‍රමාණයේම වූ මෙම වායු ග්‍රහලෝක දෙක කෙප්ලර්-34b (Kepler-34b) සහ කෙප්ලර්-35b (Kepler-35b) ලෙස නම් කර ඇත. කෙප්ලර්-34b එහි සූර්යයන් දෙදෙනා වටා දින 289 ක පරිභ්‍රමණ කාලයකින් යුතුව ගමන් ගන්නා අතර එම තරු යුගල එකිනෙක වටා දින 28 කට වරක් පරිභ්‍රමණය වේ. 

කෙප්ලර්-35b ග්‍රහලොව සූර්යයාගේ ස්කන්ධයෙන් 80% ක් හා‍ 89% ක ස්කන්ධ ප්‍රතිශතයකින් යුත් කුඩා තරු දෙකක් වටා දින 131කට වරක් පරිභ්‍රමණය වේ.මෙම පද්ධති දෙක සිග්නස් (Cygnus) හෙවත් හංසයා (Swan) රාශිය තුල පවතී.

පරියුග්ම ග්‍රහලෝක සඳහා එක් සූර්යයෙකු නොව සූර්යයන් දෙදෙනෙක්ම පවතින ‍අතර ග්‍රහලෝක වලට ලැ‍බෙන ශක්තීන් බොහෝසෙයින් විචල්‍ය වේ.මෙම ශක්ති ගැලීම විචල්‍ය වීමෙන් එම ග්‍රහලෝක මත දේශගුණය දරුණු ලෙස වෙනස් විය හැකිය.

කෙප්ලර් කණ්ඩායම විසින් ප්‍රථම පරියුග්ම ග්‍රහලොව වන කෙප්ලර්-16b පිළිබඳ නිවේදනය නිකුත් කර සිටියේ පසුගිය සැප්තැම්බරයේය. කෙප්ලර්-16b මෙන්ම මෙම නව ග්‍රහලෝක දෙකද එහි තරු වටා ඉලිප්සීය කක්ෂයක ගමන් කරයි. 

කෙප්ලර්-16b පිළිබඳව පමණක් දැනගෙන තිබූ කාලයේ පරියුග්ම ග්‍රහලෝකවල ස්වභාවය පිළිබඳව බොහෝ ගැටළු පැන නැගුණු අතර මෙම නව සොයාගැනීම සමග නිරාකරණය නොවූ ගැටළු බොහෝමයක් නිරාකරණය විය හැක.
- skylk.com
 
Related Posts with Thumbnails