Ads 468x60px

.

ඇන්ටනි ප්‍රනාන්දුට වෙඩි තැබූ ජායාරුප

ඉන්ධන මිල වැඩිවීමට විරෝධය පා හලාවත ඇතුළු වයඹ-බටහිර මුහුදු තීරයේ ධීවරයින් අද 05 වන දිනටත් මුහුදු යාමෙන් වැලකී සිටින අතර වෙඩි පහරකට ලක්ව ඊයේ මියගිය ධීවර කාර්මිකයාට ශෝකය පළ කිරීම සඳහා ඔවුන් අද දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.

 
මේ අතර ඊයේ පැවති උද්ඝෝෂණයේදී පොලීසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරන අතරේ අත්බෝම්බ වැනි යමකිනුත් පහර දී තිබෙන බවටත්, මිය ගිය තරුණයාගේ සිරුර බිම දාලා පාගා ගෙන් රෝහලට ගෙන යන්න ඉඩ නොදුන් බවත් ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් සම්බන්ධීකාරක දුමින්ද නාගමුව මහතා පැවසනවා. අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදීයි ඔහු මෙසේ කියා සිටියේ

වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ "මේ වෙඩි තැබීමට සම්බන්ධ හමුදාව. ධීවරයින් එක්ක කතා කරද්දී ඔවුන් කිව්වේ වෙඩි තියනවා කියලා තමන්ට තේරුනේ නැහැ කියලා. ධීවරයින්ට එල්ල කළ කඳුළු ගෑස් ටින් එකක් අහුලාගෙන අනෙක් පැත්තට විසි කරන්න උත්සාහ කරද්දී එය අතේ පුපුරා ගොස් එක් අයකු තුවාල ලබා තිබෙනවා. ඔහුගේ අත සැත්කමකින් ඉවත් කරන්න වේවි කියලා තමයි වෛද්‍යවරු කියලා තිබෙන්නේ. 

මේකෙන් පැහැදිලි වෙනවා, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරන අතරේ හමුදාව අත්බෝම්බ වැනි යමකිනුත් පහර දී තිබෙන බව.

ඒ විතරක් නොවෙයි, වෙඩි වැදුණු අය රෝහලට ගෙන යන්න හමුදාව සහ පොලිසිය ඉඩ දී නැහැ. ඔවුන් රෝහලට ගෙන යද්දී පහර දී බාධා කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මිය ගිය තරුණයාගේ මළ සිරුර බිම දාලා පාගලා තිබෙනවා. මිනියවත් ගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඇතැම් තුවාලකරුවන් රෝහලට ගෙන යන්න සිදු වුණේ බෝට්ටුවලින් මුහුද හරහා ගිහින්. මේ තත්වය කොහොමද තේරුම් ගන්නේ?


එක් දින ධීවර බෝට්ටුවකට දිනකට භූමිතෙල් ලීටර් 70ක් 80ක් අවශ්‍යයි. භූමිතෙල් ලීටරක මිල රුපියල් 35කින් වැඩි කළ නිසා දැන් දිනකට අමතරව රුපියල් 2450ක් වැය වනවා. ඒ වගේම බහුදින ධීවර යාත‍්‍රාවකට එක් ගමන් වාරයක් සඳහා භූමිතෙල් ලීටර් 5000ක් පමණ වැය වෙනවා. ඔවුන්ට අමතර රුපියල් 1,55,000ක බර වැය බරක් දැරීමට සිදු වෙනවා. මේ මුදල ඔවුන් පියවා ගන්නේ කොහොමද? මාළු මිල වැඩි කළොත් ජනතාව මිලදී ගන්නේ නැහැ.

ආණ්ඩුව කියනවා ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලා. මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමූ වෙලාවේත් ධීවරයින්ට සහනාධාරයක් දෙන්න පොරොන්දු වුණා. ඒ සහනාධාරය දුන්නේ දින දෙකයි. දින දෙකකින් පස්සේ දුන්නේ නැහැ. ඒ නිසා මේ සහනාධාර කතා කියන්නේ ජනතා විරෝධය නවත්වන්න විතරයි"

මේ අතර මියගිය ධීවරයා වන වර්ණකුලසූරිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ මස්සිනා වන ස්ටැන්ලි කුමාර් මහතා කියා සිටින්නේ මෙවැන්නක්.

"අපි අද උද්ඝෝෂණය පටන් ගත්තේ ගම ඇතුළේ. එහිදී කිසිදු මාර්ගයක් හෝ මහජනතාවට අවහිරයක් තිබුණේ නැහැ. නමුත් හමුදාව ගම ඇතුළට ඇවිත් අපේ උද්ඝෝෂණයට වෙඩි තබා කදුළු ගෑස් ගැහුවා. වෙඩි වැදුණු අය රෝහල්ගත කරන්න හදද්දී ඔවුන්ටත් හමුදාව පහර දුන්නා. එහෙම ගම ඇතුළට ඇවිත් වෙඩි තියන්න හමුදාවට අයිතියක් නැහැ.

මගේ මස්සිනා මිය ගියාට පස්සේ ආණ්ඩුව ගෙදරට ලක්ෂ 5ක චෙක් එකක් එවලා තිබුණා. ලක්ෂ 5ට වඩා අපිට වටින්නේ මස්සිනාගේ ජීවිතය. දරුවන් දෙදෙනෙකුගේ පියාගේ ජීවිතය.
මෙම අසාධාරණය ඉදිරියේ නිහඩව සිටියහොත් හෙට තව කෙනෙකුට මේ දෙයම වෙන්න පුළුවන්."







 




















 
Related Posts with Thumbnails