Ads 468x60px

.

සැනසීමක් නෑ මේ බවයේ..... - විමල් වීරවංශ

විමල් වීරවංශ මහතාගේ ජීවිතයේ සුන්දරතම රාත‍්‍රිය උදාවී ඇත්තේ සිය බිරිඳ ශෂී වීරවංශ කතරගම කැබිලිත්ත දේවාලය වැදීමට ගොස් අතුරුදහන් වූ පුවත සැලකල දුරකථන පනිවිඩය ඔහුට ලැබීමත් සමගය. ගරු ඇමතිවරයා එම සුන්දර පුවත ලැබෙන විට සිට ඇත්තේ දැයට කිරුළ ප‍්‍රදර්ශනට සහභාගී වීම සඳහා අනුරාධපුරයට ගොසිනි.



පුවත සැලවිමත් සමග බැරැරුම් ස්වරූපයක් මවාගෙන ඇති ඇමතිවරයා නැවතී සිටි තානායමෙන් ‘ශිවාස් රීගල්’ ඩබල් ඩ‍්‍රෑම් එකක්  ඕඩර් කර ආරක්ෂක අංශයේ භටයෙකු විසින් ඔතාදුන් ‘සූස්තියක්’ද අතැතිව අසල තිබෙන නුවර වැවේ කන්ඩියමතට වී ‘ශිවාස් රීගල්’ තොලගාමින් ‘සූස්තියේ’ පහස ලබමින් ‘‘සුවද දැනී දැනී දැනෙනවා....’’ ගීතයේ පදමුමුණමින් ‘‘ජීවිතේ සුන්දරද මෙතරම්.....’’ පද පේලිය නොනවත්වා ගායනය කරමින් සිටියදී ඔහුගේ ලේකම්වරයෙකු අසා ඇත්තේ කතරගම යාම සඳහා හෙළිකොප්ටරයක් සූදානම් කරන්නදැයි යනුවෙනි.


තමන්ගේ ආතල් එක කැඩූ ලේකම්වරයාට අම්බානෙක බැනවැදී ඇති ඇමතිවරයා ‘‘තෝ හදන්නේ මාවත් අතුරුදහන් කරන්නදැයි’’ පවසා පන්නාගෙන ඇත. පසුදා පහන්වනතුරු ‘‘ජීවිතේ සුන්දරද මෙතරම්....’’ ගීතය නොනවත්වා ගායනා කරමින් සිටි ඇමතිවරයා නින්දට ගොස් ඇත්තේ ඉර එළියද වැටුනු පසුවය.


පසුදා දහවල් ශෂී වීරවංශ හමුවූ පුවත සැලකිරීමට කාමරයේ දොරට තඩිබාමින් සිටි ලේකම්වරයා වෙත යට ඇදුම පිටින්ම දිව ආ වීරවංශ අසා ඇත්තේ ‘‘ඇයි ඇයි මැඩම්ගේ මිනිය හොයාගෙනද?’’ කියාය. ‘‘නෑ නෑ සර් මැඩම් හම්බවෙලා. කරදරයක් නැහැ. දැන් පනිවිඬේ ආවේ...’’ යැයි කියූ විට නැවතත් ලේකම්වරයා පන්නාගෙන ඇති විමල් වීරවංශ ඇමතිවරයා ‘‘සැනසීමක් නෑ මේ බවයේ.....’’ යනුවෙන් කවුරුත් අසානැති ගීයක් ගැයීමට පටන්ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails