Ads 468x60px

.

ගයාන් පෙරේරාගේ අපහාස ගීතයට ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය

ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට මූලාශ්‍ර දක්වා ඇති බව සලකන්න.)


==============================
ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි,සුනේත්‍රාදේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,ගංගොඩවිල,නුගේගොඩ.
2012.02.10
ලේකම්,
2600
සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව.


භවතු සබ්බ මංගලම්යන ආශිර්වාදාත්මක ගාථාව මධුසමය ගත කිරීම සඳහා වූ ගීතයක් සඳහා විකෘති කොට ගායනා කිරීම

ගයාන් පෙරේරා නැමැති තරුණ ගායකයකු බෞද්ධයන් විසින් වන්දනීය හා ආශිර්වාදාත්මක ගාථාවක් ලෙසින් භාවිතා කරන භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා නම් වූ බෞද්ධ ගාථාව විකෘති කොට මධුසමය ගත කරන තරුණ යුවලක් දර්ශන තල රාගික රූපරාමු යොදා ටිකෙන් ටික නැමැති ගීතය දැනට අන්තර් ජාලයට මුදාහැර බෞද්ධයන් බලවත් මානසික අසහනයට ලක්කොට ඇත. මේ පිළිබඳව මා 2012.02.08 දින නුගේගොඩ මිරිහාන පොලීසියේ අංක 53/70 දරණ පැමිණිල්ල ලෙස පොලීසියේ විමර්ශනය සඳහා යොමු කොට ඇත.

  1. 1. තවද සිරස මාධ්‍ය ජාලය විසින් සතියේ දින පහම රාත්‍රී 7.30 ට ප්‍රචාරය කරනු ලබන සිහින පුරය නම් වූ ටෙලි නාට්‍ය මගින්ද ඉහත කාරණය හා සමානවම බෞද්ධයන්ට නිගා දෙන දර්ශන වරින්වර ඉදිරිපත් කරනු ලබන්නේ හිතාමතා ඕනෑකමින් බව ද අපගේ විශ්වාසයයි. 
  1. 2. එසේම තිළිණ අලහකෝන් නම් වූ ක්‍රිස්තු භක්තිකයකු ද බෞද්ධයන් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව සරණ මංගල උත්සව අවස්ථාවේදී භාවිතයට ගන්නා ජයමංගල අෂ්ඨක ගාථා , මෛත්‍රී පෙරදැරිව කියනසෙත් කවි ආදිය ද පල්ලියේ වචන වලට හරවා ගායනා කොට සමච්චලයට භාජනය කරමින් සිටී. මේවා අත් පත්‍රිකා වශයෙන් මුද්‍රණය කොට ජනයා අතර බෙදා හැරීමද කර තිබේ. මේ පිලිබඳ මිරිහාන පොලීසියට 2010.11.01 දාතමින් පැමිණිලක්ද, 2010.11.02 දාතමින් ඔබ වෙත පැමිණිලි කළමුත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. එක මාසයක් ඇතුළත සිදුවන අකටයුතු පැමිණිලි කරනු ලබන්නේ නම් සිය ගණනක් විය හැක.
  1. 3. මෙසේ දිගින් දිගටම බෞද්ධ සංස්කෘතියට හානිකර සිද්ධීන් ඉතා සංවිධානාත්මකව අන්‍යාගමිකයන් විසින් හිතාමතා කලින් කල සිදු කරන මුත් වගකිව යුතු ආයතන මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හා සුරක්ෂිත කොට පෝෂණය කිරීමආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක නිදිගන්වා බලයලත් රාජ්‍ය නිලධාරීන් හා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිසොල්මන්ව සිටීමද තරමක ප්‍රහේලිකාවකි
  1. 4. අප විසින් පොලීසියට යොමු කරන පැමිණිලි ද අතරමං වනුයේ පොලීසියට ද මේ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව අධිකරණ ශාලාවේදී පෙනී යන හෙයිනි. එහෙයින් ව්‍යවස්ථාවේ ඇති වගන්ති බල ගැන්වෙන නීති හා රෙගුලාසි හඳුන්වා දීමට බුද්ධශාසන පනත, බෞද්ධ ප්‍රකාශන (පොත්/කැසට්පට/සංයුක්ත තැටි/ගීත/ නාට්‍ය/පුවත්පත්/ විද්යුත් හා මුද්‍රිත වැඩ සටහන්/ වෙබ් අඩවි/ ෆේස් බුක්/අත් පත්‍රිකා) හා මාධ්‍ය ප්‍රචාරණය නියාමනය කිරීමේ පනත වැනි පනත් බලාත්මක කිරීමට සුදුසු පියවර ගැනීමට හා අදාළ රාජ්‍ය නිළධාරීන් වෙත නියෝග ලබා දීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා වෙත හා අතිගරු ජනාධිපතිතුමා වෙත පැමිණිලි කිරීමට සුදුසු පියවර ගන්නා මෙන් ශාසනමාමකත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි.
මෙයට,
ශාසනාලයැති,ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි

පිටපත් (කාරුණික දැන ගැනීම හා සුදුසු කටයුතු සඳහා)
1. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
2.
අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා.
3.
ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මූ. ජයරත්න මැතිතුමා.
4.
ලේකම්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය.
5.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.
6. 
ලේකම්, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය.
7.
පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
8. 
අනුර සේනානායක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
9.
දේශබන්දු තෙන්නකෝන් මහතාපොලිස් අධිකාරි, පොලිස් අධිකාරී කාර්යාලය, මිරිහාන, නුගේගොඩ.
10.
ජනාධිපති නීතිඥ මනෝහර  සිල්වා මහතා, 18 / A, ආතර් පෙදෙස, දෙහිවල.
11.
ජ්‍යෙෂ්ඨ නීතිඥ, කළ්‍යානන්ද තිරාණගම මහතා, විධායක අධ්‍යක්ෂ, මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානය, 233/1, කොටා පාර, බොරැල්ල, කොළඹ 08.
12.
ජ්‍යෙෂ්ඨ නීතිඥ, ප්‍රසන්තලාල් ද අල්විස් මහතා, සභාපති, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය.
නිසල් එස් විජේරත්න
 
Related Posts with Thumbnails