Ads 468x60px

.

අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ සනී ලියොන් කනස්සල්ලට පත්වෙලා


සනී ලියොන් (Sunny Leone) යනු බොලිවුඩ් සිනමාවට එක්වූ අලුත් නිළියක්. ඇය ඊට කලින් අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ බව සිනමා ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා කාරණයක්. කොහොම වෙතත් ඒ දුසිරිත් අත්හැර දමා සිනමා නිළියක ලෙසින් ඉදිරියට එන්නටයි ඇය පෙරුම් පුරන්නේ.



ඒ අනුව සනී මුලින් ම රඟපාන්නට යන්නේ ‘ජිස්ම් - 2’ චිත්‍රපටයේයි. (මෙහි පළමු කොටස වන ‘ජිස්ම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ බිපාෂා බාසුයි.) මේ දිනවල සනීට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙලා. 


ඇය සිනමාවට එන්න කලින් පෙනී සිටි අසභ්‍ය චිත්‍රපට අඩංගු ඩී.වී.ඩී. සහ සී.ඩී. තැටි කොල්කටා නගරයේ බොහෝ තැන්වල අලෙවි කරමින් තිබෙනවාලු. හොර රහසේ අලෙවි කෙරෙන මේ නීති විරෝධී තැටි ඇතැමුන් මිලට ගැනීම නිසා සනී දැඩි කනස්සල්ලට පත්වෙලා.


මේ හේතුවෙන්, බොලිවුඩ් නිළියක ලෙසින් තම ප්‍රතිරූපය ගොඩ නංවා ගන්නට දරන ඇයගේ උත්සාහය ව්‍යර්ථ වනු ඇතැයි සමහරු ප්‍රකාශ කරනවා.
 
Related Posts with Thumbnails