Ads 468x60px

.

මම කටකතා ගණන් ගන්නේ නෑ රන්ජන් එක්ක මගේ සම්බන්ධයක් නෑ - චතුරිකා


රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද දඟකාරිය වූ ඇය චතුරිකා පීරිස්ය. කලා පවුලක තවත් පුරුකක් ලෙස ක්‍ෂේත‍්‍රය පිවිසියද අද පේ‍්‍රක්ෂක හදවත් ආකර්ශනය කර ගැනීමට සමත් වු චරිතයක්ව ඇත. ‘නෑදැයෝ’ හී විවේකාගේ චරිතය ඒ අතර විශේෂිතය. නිහතමානී චරිතයක් ලෙස විවිධ චරිතවලට පනපොවමින් ගෙවූ කාලය මතකය අවදිකරමින් චතුරිකා මෙසේ එක් වූවාය.


චතුරිකා මොනවද මේ දවස්වල කරන්නේ
‘රන් සිළු’ ආයතනයෙන් නිෂ්පාදනය කරන සේපාලිකා කියන නාට්‍යයේ රඟපානවා තවද ස්වාධීන රූපවාහිනියේ අජිත් ජයවර්ධන අධ්‍යක්ෂණ කරන ‘බිඳුණු සිත්’ කියන නාට්‍යයේ රූපගතකිරීම්වලටත් සහභාගි වෙනවා.


ඔබ පුංචි කාලයේ ඉදලා හීන මැවුවේ නිළියක් වෙන්නම ද ?
නෑ මට  ඕන වුණේ හොඳ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. මම පොඩිකාලේ ඉඳලා තාත්තා බිස්නස් කරනවා දැක්කා. තවමත් කාන්තාව ඉන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයට ඇය ස්ථාන ගත කරපු තැන. ඒක එහෙම වෙන්න හොඳ නෑ. ඇයද ආර්ථිකයට දායක විය යුතුයි. තවත් කෙනෙකුට බරක් නොවී ජීවත් වෙන්න ඇයට හැකිවිය යුතුයි. ඉතිං මට  ඕන වුණේ කාන්තාවන් අතරේ ස්විශේෂී කාන්තාවක් වෙන්න. අද මම බිස්නස් නොකෙරුවට ස්විශේෂී කාන්තාවක් තමයි.


විවේකාගේ පෙනුම දැන් ඉන්න චතුරිකාට වඩා වෙනස් නේද?
ඔව්. දැන් මම ඊට වඩා කෙට්ටුයි. මුල් කාලයේ මම ඩයට් කළා. දැන් නම් එහෙම නෑ හොඳට කාල බීලා ඉන්නවා. ඩයඞ් කරද්දී කෙට්ටු වෙනවා තමයි ඒ වුණාට අතුරු ආභාද වැඩියි. කොණ්ඩය යනවා, හම දුර්වර්ණ වෙනවා හොඳම දේ තමයි හොඳට කලා හොඳට ව්‍යායාම කරන එක.


ඔබට ප‍්‍රසිද්ධ නිළියක් ලෙස ඒත් ඔබට ගයන්නත් පුළුවන් නේද ?
ඇත්තටම මම ගායිකාවක් වෙන්න කැමැත්තෙන් හිටියා. ගායනයි රංගනයයි කියන්නේ දෙකක් දෙකටම ලොකු කැපකිරීමක් කරන්න  ඕනේ. මට ඒකට වෙලාවක් නෑ. තුන් හිතකවත් අදහසක් තිබුණේ නෑ නිළියක් වෙන්න. ඒත් අද මම මගේ කාලය කැපකරන්නේ නිළි වෘත්තියට. ඒක තමයි දෛවය.

ගායිකාවක් වෙන්න ගොඩක් හඬ පුහුණුකිරීම්වල යෙදෙන්න  ඕනේ. ඒකට වෙලාවක් නෑ වගේම අපේ රූපගතකිරීම්වලට සහභාගි වෙද්දී උදේ ඉඳන් ? වෙනකම් කෑගහනවා. එතකොට උගුර ආභාදයට ලක් වෙනවා. ඉතිං උඩින් පල්ලෙන් දෙයක් කරලා වැඩක් නැනේ, කරන දෙය හරියට කරන්න  ඕනේ.


 සිනමාවටද ටෙලි නාට්‍යවලටද ගොඩක් කැමති
දෙකටම කැමතිය. හැබැයි හොඳ සිනමා නිර්මාණයකුයි හොඳ ටෙලි නිර්මාණයකුයි දෙකක් ලැබුණොත් මම සිනමා නිර්මාණය තෝරා ගන්නවා. එහෙම හොඳ පිටපත් එක සැරය ලැබෙනවා අඩුයි. කොහොම වුණත් මම හොඳ නිර්මාණයට මුල් තැන දෙනවා.


රියැලටි වැඩසටහන්වලට ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?
හැම වැඩසටහනකදීම ආරාධනා කළා. ඒත් මම යන්නේ නෑ. මම කාලයක් නිළියක් විදියට මේ නම හදාගත්තේ ගොඩක් කැපකිරීම් කරලා. මහන්සි වෙලා. ඒ ගොඩනගාගත්ත දේ මාධ්‍ය ආයතනයක පැයක දෙකක වැඩසටහනක් වෙනුවෙන් බිලි දෙන්න බෑ. මම කාගෙවත් විනිශ්චයක ලක්වෙන්න කැමති නෑ. හේතුව ඒ වැඩසටහන්වල විනිශ්ච මණ්ඩලයේ ඉන්නේ සැබෑවට දක්ෂයන්ද කියන එක ප‍්‍රශ්නයක්.


පවතින තත්ත්වය අනුව වෘත්තිමය රංගන ශිල්පියකගේ පැවැත්ම ස්ථාවරද?
ඒක, ඒ ඒ ශිල්පීන් හෝ ශිල්පිනියන් මත රදාපවතින දෙයක් අද ඉන්න සමහර නළු නිළියන්ගේ නම් අපිවත් දන්නේ නෑ. මෙගා ටෙලිනාට්‍ය නිසා මේ ක්‍ෂේත‍්‍රයේ ලොකු වෙනසක් වුණා. ඉතිං මුහුණ දෙන ප‍්‍රශ්න ගොඩයි. පැවැත්ම තීරණය කරන්නේ ඒ ඒ අයගේ දක්ෂතාවය හා හැකියාවයි.


නිළියකට දක්ෂතාවය හා හැකියාව පමණක් තිබුණම ඇද්ද ?
නෑ. නිහතමානී බව අන්න්‍යො අවබෝධය ඉවසීම මේ දේවල් තියෙන්නත්  ඕනේ. ඒ වගේම පොඩි ආඩම්බරයකුත් තිබුණොත් හොඳයි.


ඔබ ක්‍ෂේත‍්‍රයේ වැඩියෙන්ම ආදරය කරන නිළිය කවුද?
මාලනී අක්කා, විණා අක්කා මම ගොඩක්ම ආදරය කරන අය. තවත් අය ඉන්නවා.මාලනී අක්කා හරිම නිහතමානී චරිතයක්. හිත හොඳයි හැම සම්මානයම ඇයට ලැබෙන්න  ඕනේ. ඒ වගේම ඇය ජීවත් ඉන්න තුරුත් ඉන් මතුවටත් ජනතාවාගේ නිළි රැුජින මාලනී අක්කා.


විණා අක්කාත් එහෙමයි. පුදුම රංගන හැකියාවක් ඇයට තිබෙනවා. දෙමළ රදල කාන්තාවක්, දෙමළ දුප්පත් කාන්තාවක්, සිංහල ගැමි කාන්තාවක්, කොළඹ හතේ කාන්තාවක් මේ  ඕනෑම චරිතයක් ඇය රඟපානවා.  ඒ වගේම ඇයට චතුර ලෙස භාෂා තුනම හසුරුවන් පුළුවන්. අධ්‍යක්ෂකවරයකුගේ හැකියාව හා නොහැකියාව නිර්මාණයකට ලොකු බලපෑමක් කරනවා. විණා අක්කා අධ්‍යක්ෂකවරයා කවුරු වුණත් එයාගේ චරිතය හරියට කරනවා.

සමහර අය කළු චරිත බාරගන්නේ නෑ. ඔබත් එහෙමද?
ලංකාවේ ඉතිං කළු චරිත කළොත් ගුටිකන්න වෙනවනේ. අහලා තියෙනවනේ අපේ අය කළු චරිත කළාම ජනතාව සලකන විදිය ගැන. සිනමාවේදී වගේනම් නිර්මාණය ගොඩක් හොඳවෙලා ජාත්‍යන්තරයට යන මට්ටමේ තිබුණොත් මම ඒ චරිතය බාර ගන්නවා. ඒ ඇරෙන්න මම කැමැතියි මගේ ජීවිතයට ආලෝකයක් ලැබෙන චරිත කරන්න.

ඔබ කියන විදියට පේ‍්‍රක්ෂකයා බුද්ධිමත් නැති නිසයි සැබෑ රංගන ශිල්පියාව ප‍්‍රතික්ෂේප කරන්නේ
ඔව් ගොඩක් දුරට එහෙමයි. 


ටෙලි නාට්‍යය උළෙලවලදී සම්මාන ලබාදෙන පිිළිවෙත ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?
නෑ. මේවෙනකොට හැම දේම ලාභ ප‍්‍රයෝජන හැඳුනුම්කම් වලට යටවෙලා. මම ජනප‍්‍රිය නිළිය වුණා තවත් සම්මාන ලබාගෙන තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම මගේ නම කියනතුරු මම දන්නේ නෑ ඒ සම්මානය මට ලැබෙන්න තිබුණු බව. මගේ ගෙදර තියෙන්නේ මම වියදම් කරලා ගත්ත සම්මාන නෙමේ. ජනතාව මට දීපු සම්මාන.


නිර්මාණවල දායකවීමේදී ඔබ ඉහළ මිලක් අයකරනවා කියලා ආරංචියි
ඔව්. මගේ චරිතයට, මම බාරගන්න චරිතයට වටිනාකමක් තියෙනවා. සීමිත ආයතන කිහිපයක් එක්ක විතරයි මම වැඩ කරන්නේ. ඒ වගේම දෙයක් කියන්න  ඕනේ මම සමහර අධ්‍යක්ෂකවරුන්ට මිලක් කියන්නේ නැතුවම චරිතය බාර ගන්නවා. ඒ විශ්වාසය නිසා. 


මෑත කාලයේ ක්‍ෂේත‍්‍රයට පිවිසි නිළියක් ප‍්‍රකාශ කර තිබුණා ඇය තමයි ඉහළ මිලක් අයකරන රංගන ශිල්පිණිය බව
ඔව්. මාත් ඒක ඇහුවා එයා හිතාගෙන ඉන්නවා ඇති එහෙම. නැත්නම් එයා දන්නේ නැතුව ඇති අනෙක් නිළියන්ට කරන ගෙවීම් පිළිබඳව. 


රංජන් රාමනායකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා රාවයක් පැතිරිලා තිබුණා. ඔබ ඒක ප‍්‍රතික්ෂේප කළේත් නෑ
මම කටකතා ගණන් ගන්නේ නෑ. කටකතාවලට හේතු ඇති. නමුත් හේතු නැතිව කියන කටකතා තමයි වැඩිපුර තියෙන්නේ. රංජන් අයියා විතරක් නෙමෙයි මීට කළින් ධනංජය, සුරාජ්මාපා, රොෂාන් රවීන්ද්‍ර මේ අයත් එක්ක මාව පටලවලා කතා හැදුවා. මම  ඕවට උත්තර දුන්නේ නෑ. මිනිස්සුන්ගේ කටවහල් වහන්න අපට බෑනේ. කටකතා ගොතලා පතුරුවලා කවුරු හරි තෘප්තියක් ලබනවනම් ඒකත් මට පිනක්.


කවද්ද විවාහ වෙන්නේ
දැන්මනම් විවාහ වෙන්නේ නෑ මට තව ටිකකාලයක් නිදහසේ ඉන්න  ඕනේ. ගෙදර වැඩත් තවම ඉවර නෑ. ඉතිං රොෂානුයි මමයි තීරණය කළා මේ හැම ප‍්‍රශ්නයක්ම විසදගෙන තව ටික කාලයක් ඉඳලා විවාහ වෙන්න.
 
Related Posts with Thumbnails