Ads 468x60px

.

චැනල්-04 නවතම වීඩියෝව

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට කරුණු දක්වමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මඟින් වීඩීයෝ තවත් වීඩියෝ පටයක් විකාශය කර තිබේ. එංගලන්තයේ වේලාවෙන් ඊයේ රාත්‍රී 10. 55ට මෙම වීඩීයෝ පටය විකාශය කර ඇති බව වාර්තා වේ.


ශ්‍රී ලංකාවේ පැවති මානූෂීය මෙහෙයුමේ අවසන් භාගයේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම පිළිබඳව මෙම වීඩීයෝ පටය මඟින් හුවා දක්වා ඇත. ප්‍රභාකර‍න්ගේ පුත්‍රයා ඝාතනය කිරීම පිළිබඳව චැනල් 4 නාලිකාව මෙහි දී වැඩි වශයෙන් අවධානය යොමු කර තිබේ.

ඊයේ රාත්‍රී 10. 55ට අදාළ වීඩීයෝව විකාශය වන චැනල් 4 නාලිකාව ප්‍රමුඛ කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාව බ්‍රිතාන්‍ය තුළ දැවැන්ත පූර්ව ප්‍රචාරයක් ගෙන ගිය බව එහි සිටින අද දෙරණ විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුම පවසයි.

කොටි හිතවාදීන් චැනල් 4 හරහා ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කර තිබූ බව ද ජනක අලහප්පෙරුම කියා සිටියි. මේ අතර අදාළ චැනල් 4 වී‍ඩීයෝව ජිනිවාහී මානව හිමිකම් කවුන්සිලයේ දී ඊයේ ප්‍රදර්ශනය නොකළ බව ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කනනායකම් මහත්මිය පවසනවා.

අද දෙරණ කළ විමසීමක දී ඇය කියා සිටියේ ජිනිවා මානව හිමිකම් සමුළුවට පරිභාහිරව පැවැත්වෙන චිත්‍රපට උළෙලක දී චැනල් 4 වීඩීයෝවේ ඇතුළත් ඡයාරූප කිහිපයක් ප්‍රදර්ශනය කර ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි. මෙය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව පැවසූ ඇය එසේ වුවද මීට මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රතිචාර දැක්වීමට ඉදිරියේ දී අවස්ථාවක් නොමැති බව ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන බලපෑම් හමුවේ ඉන් පිටත දී ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද තමාරා කනනායකම් මහත්මිය අද සඳහන් කළාය. 


 
Related Posts with Thumbnails