Ads 468x60px

.

මී වදයකට ඇස තැබූ පූජාගේ මුහුණට මී මැස්සෙක් විදලා

ඉන්දීය නිළි පූජා උමාශංකර් කුඩා කාලයේදී කටකාර දග චරිතයක් බව ඇගේ මව සන්ධ්‍යා උමාශංකර් කියයි.ඇය මේ බව පවසා ඇත්තේ සති පතා පලවන කලා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිණි.
වරක් පූජාගේ නිවස පිහිටි වත්තේ කෙලවරට වන්නට තිබූ මී වදයකට ඇස තබන්නට ගොස් පූජාගේ මුහුණට මී මැස්සෙක් විද්ද බවද සන්ධයා පවසා තිබේ.


පූජා වයස අවුරුදු තුනේදී පමණ ගමේ පංසලේ ලොකු හාමුදුරුවන්ට පවසා ඇත්තේ ඇගේ මළනුවන් සිද්ධාර්ථ කුමාරයා බවත්, ඔහු ලොවටම අග‍්‍ර වෙන බවත් පැවසූ බව පූජාගේ මව පවසන්නීය.පූජා මුලින්ම චිත‍්‍රපටයක රගපෑවේ රුපියල් ලක්‍ෂ දෙකකට බවත් හෙළිකර ඇති සන්ධයා එය ඇය කරනු ලැබුවේ ගෙදරට හොර රහසේ බවත් පවසා ඇත.

ඇය අධ්‍යාපනය ලබන සමයේ මෙම චිත‍්‍රපටයේ රගපා ඇත්තේ ඇගේ නවාතැන් පලේ සිටි යෙහෙළියන්ගේ ඉල්ලීමකට රුපියල් දෙලක්‍ෂය ලබා ගැනීමට වූ පෙරේතකමින් බවද පැවසේ.කෙසේවුවද පුංචි කාලේදී කැමරාවට මුහුණදී ඡායාරූපයකටවත් පෙනී සිටීමට අකමැති වූ පූජා සිනමා නිළියක් බවට පත්වීම සම්බන්ධයෙන් නම් ඇගේ මවට තවමත් ඇත්තේ පුදුමයක් බවද එහි දැක්වේ.
 
Related Posts with Thumbnails