Ads 468x60px

.

අගමැතිවරයාගේ දිවාආහාරයට එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් 200යි එකතුව ලක්ෂ 6යි

පාදුක්ක, පියරතන විද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත්කිරීමේ උත්සවයක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයේන අද (15) සිදුකිරීමට නියමිතය. අගමැතිවරයා ප්‍රමුක ආරාධිත අමුත්න් සදහා දිවාආහාරය ලබා දිමට අවශ්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් 200 බැගින් එකතුකර ගෙන ඇත. මෙම පාසලේ ළමුන් 3,000කට අධික පිරිසක් ඉගෙනුම ලබන අතර රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් මේ සදහා එකතු වී ඇත.



අද (15) උදේ 10ට මෙම උත්සවය යොදාගෙන තිබුනත් මේ වන විට (උදේ 10.34) එම ස්ථානයට පැමිණ ඇත්තේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හා ගීතාන්ජන ගුණවර්ධන ඇමතිවරයා පමණි.
තවමත් එම විවෘත්ත කිරීමට ඇති ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් නැත. 

මේ වන විටත් එහි ඉදිරිපස තාප්පයේ වැඩ නිමකරමින් පවති. එහි අතුල්පැත්තේ තීන්ත ආලේප කරමින් පවතින බවත් අපවෙත වාර්තා වේ.දෙමාපියන්ට පැමිණීම අනිවර්ය කර ඇතත් ළමුන් 100කගේවත් දෙමාපියන් පැමිණ නැතැයි ද වාර්තා වේ.

 
Related Posts with Thumbnails