Ads 468x60px

.

කහවත්ත ඝාතනයේ මන්ත්‍රී ධර්මසිරි රහස්‌ පොලිසිය භාරයට

කහවත්ත කොටකෙතන මව සහ දියණියගේ  ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරු, ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාගේ හිටපු  සම්බන්ධීකරණ නිලධාරියා වන ධර්මසිරි ලොකුගම්හේවා මහතා ප්‍රශ්න කිරීම සඳහා අද (14 ) රහස්‌ පොලිසිය භාරයට ගෙන ඇත. 


ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු  වන ධර්මසිරි ලොකුගම්හේවා මහතාගෙන් මීට පෙරද කීපවතාවක්‌ම මෙම මිනීමැරුම් පිළිබඳව රහස්‌ පොලිසිය ප්‍රශ්න කර තිබිණි.

ඝාතනයේ සාක්කි සැඟවීම, එම ඝාතනයට ආධාර හා අනුබලදීම, කුමන්ත්‍රණය ආදී චෝදනා සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගැනුණු බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම සැකකරුව ඊයේ  (13) අත්අඩංගුවට ගැනුණු බවත් අද (14) සවස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 24ක කාලයක් රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අධිකරණ නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කල බවත් අජිත් රෝහණ මහතා පවසයි.

මවත් දියණියත් ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු සිවු වෙනි චූදිතයා බවද අජිත් රෝහණ මහතා සඳහන් කියා සිටියි.පොලිස්‌ ආරංචිමාර්ග දක්‌වන අන්දමට මොහු පොලිස්‌ භාරයට ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේදීය.
මොහුගේ බිරිඳගෙන්ද රහස් පොලිසිය ඊයේ (13) දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් හෙලිදරවුවීමත් සමග ලොකුගම්හේවා මහතා තනතුරෙන් පහ කිරීමට ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා පියවර ගෙන තිබිණි.


කහවත්තේ මව සහ දියණිය ආරූඩයකින් රණාලේ නිවසකට ගෙන්වයි

කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ නිවෙස්වලට ගම්වාසීන් කුපිත වී පහර දෙමින් ගිණි තබන අවස්ථාව වන විට සැකකරුවන්ගේ පවුලේ ඥාතීන් විසින් කඩුවල, රණාලේ නිවසක් තුල මළගිය ප‍්‍රාණකාරයන් ගෙන්වන අයෙකු ලවා ඝාතනයට ලක් වූ මව හා දියණිය ගෙන්වා ඝාතනයේ සළු මුල අසමින් සිට ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අණාවරණය වී ඇත.

මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරුගේ සොහොයුරා වන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ පුත‍්‍රයාගේ රණාලේ පිහිටි නිවසේදී ඉකුත් 07 වැනිදා රාත‍්‍රියේ මෙම කටයුත්ත සිදුව තිබේ. මෙම නිවසේ මළවුන් ගෙන්වන කටයුත්ත සිදුවන විට කහවත්තේ වැසියන් විසින් සැකකරුවන්ගේ නිවෙස්වලට ගිණිතබා තිබිනි.

ආරූඪයෙන් පැමිණි මව හා දියණිය ඝාතනය සිදු වූ ආකාරය කියද්දී අදාල ප‍්‍රාදේශීය දේශපාලඥයා සහ කිහිප දෙනෙක් එතැනින් නැඟිට හීන් සීරුවේ පිටත්ව ගොස් තිබේ. ඝාතනයේ තොරතුරු එකින් එක හෙළිවෙද්දී මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස නොසන්සුන්ව ඇත. ඝාතනයට අදාල සියළු තොරතුරු හෙළිවන්නට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය.
 
Related Posts with Thumbnails