Ads 468x60px

.

කාලා බීලා නොමැරී ජීවත් වෙන්න යන වියදම රු 2500 යි - බන්දුල

මේ රටේ කන බොන එක ප්‍රශ්නයක් නොවේ...
කලින් රුපියල් 7500 දැන් 2500 වුනේ කොහොමද....



මේ රටේ කන බොන එක ප්‍රශ්නයක් නොවන බවත් රුපියල් 2500 ට අඩුවෙන් එක පුද්ගලයකුට මාසයකට කාලා බිලා නොමැරී ජීවත් විය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් "හෙට වෙනුවෙන් අද" විදුලි බලය සුරැකීමේ ජාතික සත්කාරය පිළිබඳව දැනුවත් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ජාතික උත්සවයට සහභාගිවෙමින් ඒ මහතා ඊයේ (26) එසේ ප්‍රකාශ කළේය.



අමාත්‍යවරයා මීට පෙරද ප්‍රකාශ කළේ, රුපියල් 75,00ක් තිදෙනකුගේ මාසික වියදමට ප්‍රමාණවත් බවයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකල කතාව පහතින් බලන්න

''අහාර සඳහා අපේ පවුලක, ඔබේ ගෙද ර වියදමින් 41.5%ක් තමයි අහාර සඳහා යන වියදම ඇඳුම් පැළදුම් ඇදුම් පාවහන් සඳහා යනවා. 3.15 නිවාස ජයල සඳහා ගෑස් විදුලිය මේ සියලු දේ සඳහා යනවා.
23.74ක් මුළු වියදම 100ක් නම් ඊළඟට සෞඛ්‍ය සඳහා 3.15ක් ප්‍රවාහනය සඳහා 12.27ක් සන්නිවේදන 4.76ක් විනෝද කටයුතු 2.6ක් අධ්‍යාපනය සඳහා 3.23ක් යනාදි වශයෙන් බර තැබීමක් කරලා තියෙවා . යන වියදම කාලා බීලා නොමැරී ජීවත් වෙන්න 2500කටත් වඩා අඩුවෙන් පුළුවන් කලා බීලා නොමැරී ජීවත් වෙන්න''

 
Related Posts with Thumbnails