Ads 468x60px

.

බොලිවුඩ් සිනමාවට පයින් ගැසූ ජැකලයින්

ප‍්‍රථම වරට ජෝන්ගේ පෙම්වතිය ලෙසත්...

බොලිවුඩ් සිනමා තරුවක් හා ශී‍්‍ර ලංකේය රූ රැජිනක් වන ජැකලයින් ෆර්නැන්ඩස් බොලිවුඩයෙන් හොලිවුඩ් සිනමාවට සම්බන්ධවීමට යන බව වාර්තා වේ. 

ජැකලයින් මෙසේ සම්බන්ධවීමට සැරසෙන්නේ ජේම්ස් සිම්ප්සන්ගේ කුළුදුල් නිෂ්පාදනයක් වන ඩෙෆිනිෂන් ඔෆ් ෆියර් (Definition of Fear )  නැමැති හොලිවුඩ් නිර්මානය සඳහාය.


මීට පෙර බොලිවුඩ් නිළියන් වන අයිවර්රා රායි බච්චන් ‘පින්ක් පැන්තර් – 2’ හා බිපාෂා බාසු ‘සිගිවුලරටි’ යන බොලිවුඩ් සිනමා සිත්තම් සඳහා රංගනයෙන් දායක වී තිබේ.කෙසේවවුද ජැකලයින් පවසා තිබුණේ මෙම චිත‍්‍රපටයට සම්බන්ධවීම තවමත් ඇත්තේ සාකච්ඡා මට්ටමේ බවයි.

කැනඩාවේ, එංගලන්තයේ හා නිවුයෝක්හි මෙහි රූගත කිරීම් සිදුකිරීමට නියමිත බවත් මේ අතර, වාර්තා වේ.වසර 2006 දී ශී‍්‍ර ලංකා රූ රැජින බවට පත් ජැකලයින්ගේ මව මැලේසියානු කාන්තාවකි.

ජැකලයින් රඟපෑ පළමු බොලිවුඩ් සිනමා පටය වූ ඇලඩින් චිත‍්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් අයිෆා සිනමා සම්මාන උළෙලේත්, ස්ටාර්ඩස්ට් සම්මාන උළෙලේ, හොඳම නවක නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවාය.

ජැකලයින්, සජිඩ් ඛාන්ගේ හවුස්ෆුල් – 2 සඳහා දරගපෑමෙන් එක්වූ අතර ජැකලින් මෙහි ප‍්‍රථම වරට ජෝන් ඒබ‍්‍රහම්ගේ පෙම්වතිය බවට පත්වූවාය.
 
Related Posts with Thumbnails