Ads 468x60px

.

රජයේ නීතියක්‌ යෑයි කියමින් නැටුම් ගුරුවරයා දැරියන් 6 දෙනකුට අතවර කරලා

කලායතනයක නැටුම් උගන්වන ගුරුවරයකු විසින් මෙය රජයේ නීතියක්‌ යෑයි කියමින් බාලවයස්‌කාර දැරියන් 06 දෙනකුට බරපතළ ලිංගික අපයෝජන කර ඇත.

2007 වසරේ කලායතනයට නැටුම් ඉගෙන ගැනීමට පැමිණි දැරියකට නැටුම් උගන්වන මුවාවෙන් වෙන කාමරයකට ගෙනගොස්‌ මෙම ලිංගික අපයෝජනය කර ඇති බව සොයාගෙන ඇත.



මේ පිළිබඳව කිසිවකුටවත් නොකියන ලෙස ගුරුවරයා විසින් අවුරුදු 11 ක්‌ පමණ වයසැති කුඩා දරුවකු බියගන්වා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ලිංගික අපයෝජනය සිදුකර ඇති අතර, ගුරුවරයාට බිය වූ දැරිය මෙය කිසිවකුටත් පවසා නොමැත.

අනෙකුත් දරුවන් මෙම කලායතනයට යැමට අදිමදි කරමින් අඬා වැටුණද දෙමව්පියන් විසින් තම දරුවන් බලෙන්ම නැටුම් ඉගෙනීමට මෙම කලායතනයට බාරදී ඇත. එම දරුවන්ද මෙලෙස ලිංගික අපයෝජනයට ලක්‌වී ඇත.

අවුරුදු 11 පමණ වයසැති කුඩා දැරියක්‌ ඉතා අපහසුවෙන් සිටිනු දැක ඇති තවත් දැරියකගේ මවක්‌ විසින් මේ සම්බන්ධව විමසීමේදී අඬා වැටෙමින් තම ගුරුවරයා විසින් සිදුකළ මෙම අපරාධය පාපොච්චාරණය කර ඇත
 
Related Posts with Thumbnails