Ads 468x60px

.

අධිවේගයේ නොමිලේ ගමන් ජනපතිට හා අගමැතිට පමණලු

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ රජයේ රෝහල් වල ගිලන් රථ සඳහා නොමිලයේ ගමන් කිරීමට තිබූ වස්ථාව නවතා දමා තිබේ. රෝගියෙකු රැගෙන යන හෝ ආපසු එන ගිලන් රථ සඳහා මුදල් අයකිරීමකින් තොරව ප‍්‍රවාහන පහසුකම් ලැබුණ නමුත් පසුගිය මාස දෙකක පමණ කාලය තුල එම පහසුකම
නවතා දමා තිබේ.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දක්‍ෂින අධිවේගී මාර්ගයේ බලධාරීන් පවසන්නේ නව චක‍්‍රලේකය අනුව නොමිලයේ ගමන් කල හැක්කේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පමණක් බවයි. අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගවල සේවය කරන නිළධාරීන්ගේ නොදැනුවත්කම මත මීට ඉහතදී ගිලන් රථ සඳහා එම පහසුකම ලබා දෙන්නට ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails