Ads 468x60px

.

චිත‍්‍රපට ලෝකයට අලුත් අලකලංචි රාශියක් ඇතිකළ රේණුකා ඉන්දියාවට

කුස පබා චිත‍්‍රපටයේ පිටපත් රැගෙනඒමට එහි නිෂ්පාදන හවුල්කාරියක වන රේණුකා බාලසූරිය ප‍්‍රමුඛ නඩයක් ඉන්දියාවට යාමට සූදානම්වීම සම්බන්ධයෙන් මේ දිනවල කලා ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී තිබේ.

 
සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව චිත‍්‍රපටයක පිටපත් රැගෙන ඒමට යන්නේ අදාළ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා හා කැමරා ශිල්පියාය.

එහෙත්
කුස පබා චිත‍්‍රපටයේ පිටපත් රැගෙන ඒමට එම චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂ රෝහණ වීරසිංහ හා එහි නිෂ්පාදන දායකත්වය ලබාදුන් රේණුකා බාලසූරිය හා සෝමරත්න දිසානායකද යාමට නියමිත බවද පැවසේ.

මේ
වන විට ‘කුස පබා’ ආදායම් වාර්තා බිඳිමින් පෙරට ඇදුනද ‘කුස පබා’ ඒ සඳහා නිෂ්පාදන හවුල්කාරියක වූ රේණුකා නිසා චිත‍්‍රපට ලෝකයට අලුත් අලකලංචි රාශියක් එක්ව ඇති බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ පවසති.

ඒ අතර, කුස පබා
චිත‍්‍රපට පෝලිම බිඳිමින් තිරගත කිරීමට පෙරමුණ ගැනීම යන කාරණාව සම්බන්ධයෙන් රේණුකාට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
 
Related Posts with Thumbnails