Ads 468x60px

.

පුතා මගේ උපදෙස්‌ පිළිගත්තා නම් මේ වගේ වැඩක්‌ වෙන්නේ නැහැ.

පොළොව යටට ගොස්‌ මගේ පුතා ගිනස්‌ වාර්තාවක්‌ තැබීමට යද්දී "පුතේ ඔය වැඩේ අනතුරුදායකයි" කියලා කිව්වත්, එයා ගණන් ගත්තේ නැහැ. ගිනස්‌ වාර්තාවක්‌ තැබීම සඳහා පුහුණුවීමට යද්දී පොළොව යට මියගිය වාන්ඇල්ල පොලිස්‌ වසමේ පන්සල්ගොඩැල්ලේ ජානක කුමාර (24) තරුණයාගේ මරණය පිළිබඳව ඔහුගේ මව වන ලීලාවතී (50) මහත්මිය ප්‍රකාශ කළාය.


ඇය තවදුරටත් මෙසේද කීවාය. මගේ පුතා නිතර ගිනස්‌ වාර්තා තැබීමට උත්සාහ ගන්නවා. මීට පෙර පුතා දෙපාරක්‌ම මේවාගේ පොළොව යටට ගොස්‌ උඩින් ලෑලි දමා පස්‌වලින් වසා ඊට උඩින් ගිනි ගොඩක්‌ ගැසීමට ක්‍රියා කළා. ලබන 23 වැනිදා මේ විදිහට ගිනස්‌ වාර්තාවක්‌ තැබීමට පුතා තීරණය කර තිබුණා. මම මේ වැඩේට විරුද්ධ වුණා. "අම්මට ආඩම්බර නැද්ද මම ගිනස්‌ වාර්තාවක්‌ තිබ්බාම" කියලා පුතා උත්තර දුන්නා.

පෙරේදා පස්‌වරුවේ පුතා තවත් ළමයින් දෙදෙනකුගේ උදව් ලබාගෙන වළට බැහැලා ඔවුන්ට කියලා ලෑල්ලක්‌ උඩින් දමා පස්‌වලින් වහන්න සැලැස්‌සුවා.

මම ගෙයි ඇතුළේ ඉඳලා ඇවිත් ඒ ළමයින්ට කිව්වා දැන් ඇති දරුවාව ගොඩට ගන්න කියලා. ඒ පස්‌ ඉවත් කරලා ඊට උඩින් දැමූ ගිනි ගොඩ ඉවත් කරලා පුතාව ගොඩට ගනිද්දි පුතාට සිහිය තිබුණේ නැහැ. අපි පුතාව රෝහලට ගෙන ගියා. ඒත් පළක්‌ වුණේ නැහැ. පුතා මගේ උපදෙස්‌ පිළිගත්තා නම් මේ වගේ වැඩක්‌ වෙන්නේ නැහැ. 


සම්බන්දිත පුවත්   
පොළවේ යට වැළලී ලෝක වාර්තාවක් තබන්නට ගිය තුන්වැනියා මරු තුරුලට

 
Related Posts with Thumbnails