Ads 468x60px

.

කරිෂ්මාගේ ඩේන්ජර්ස් ඉෂ්ක් හි මංගල පෝස්ටරය

ඇගේ හැඩරුව හොලිවුඞ් සිනමාවේ ඇන්ජලීනා ජෝලිට සමානයිලු ...

දීර්ඝ කාලයක් පුරාවට රඟපෑමෙන් ඉවත්ව සිටි සුපිරි බොලිවුඞ් නිළි කරිෂ්මා කපූර් යළිත් සිනමාවට පයතබා ඇති අතර, ඇය රඟපෑ නවතම චිත‍්‍රපටිය වන ඩේන්ජර්ස් ඉෂ්ක් හි මංගල පෝස්ටරය පසුගියදා එළිදැක්විණි.



මෙම චිත‍්‍රපටියේ ඇගේ හැඩරුව හොලිවුඞ් සිනමාවේ ඇන්ජලීනා ජෝලිට සමාන බව බොහෝදෙනාගේ මතය වූවද, කරිෂ්මා එයට එකඟ නොවේ.


පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳ ඇසූ ඇය සිනාසී එය ප‍්‍රතික්ෂේප කර ඇති නමුත්, ඇය නිරූපනය කරන චරිතයේ මුල් එළිදැක්වීම සඳහා ලැබෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර පිළිබඳව සතුට පල කර ඇතැයි පැවසේ. 


ඩේන්ජර්ස් ඉෂ්ක් චිත‍්‍රපටියේ කරිෂ්මා නිරූපනය කරන්නේ සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිණියකගේ චරිතයකි.3D තාක්‍ෂණය උපයෝගී කරගෙන නිමවූ මෙම චිත‍්‍රපටිය මෙම වසරේ මැයි 11දා තිරගත වීමට නියමිතය.

 
Related Posts with Thumbnails