Ads 468x60px

.

කැපුවේ නල ලිඳක් - මෙන්න බොලේ ගෑස් එනවා

අඩි 50 ක් ගැඹුරට කැපුවා...
බුබුළු නගින ශබ්දයක් හා ගඳක් ආවා...

හලාවත තිඹිල්ල අක්කරායන්කොටුවේ ගෙවත්තක පිහිටි නල ළිඳකින් දැවෙන සුළු වායුවක් පිට වන බව වාර්තා වේ. 

මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය 17දාය.මෙම ඉඩම හිමි චන්ද්‍රශීලන් පාල්රාජ් (37) මහතා ගේ ගෙවත්තේ පිහිටා ඇති මෙම නල ළිඳ ඉදිකර ඇත්තේ දින කිහිපයකට ඉහතදීය.


පසුගියදා ළිඳ අඩි 50 ක් ගැඹුරට කපා ඇති අතර, එය කැපූ විට බුබුළු නගින ශබ්දයක් හා ගඳක් වහනය වී ඇත.

ඒ කිසියම් වායුවක් බවට පැවැති සැකය මත ලයිටරය දල්වා එම වායුවට ඇල්ලූ බවත්, එවිට ඉන් ගිනිදැල්වුනු බවත් පාල්රාජ් මහතා පවසයි. මීට තෙවසරකට පෙර හලාවත මුන්නේශ්වරම විහාරස්ථාන භූමියේ කැපූ නළ ළිඳකින් ද මෙවැනි ගිනිදැල්විය හැකි වායුවක් වහනය වූ බව වාර්තා විය.
 
Related Posts with Thumbnails