Ads 468x60px

.

වසර දහස් ගණනකට පෙර වළගම්බා රජු පොළොව යටින් සැවී ගිය උමග සොයයි

හිමිවරු 99ක් අතුරුදන් වෙලා...
මහා ලෝකාන්තයක් වැනි ප‍්‍රදේශයක්...

මීට වසර දහස් ගණනකට පෙර වළගම්බා රජු පොළොව යටින් සැවී ගිය බවට ජනප‍්‍රවාදයේ එන අප‍්‍රකට උමං මාර්ගයක ගවේෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

මෙම උමං කට පිහිටා ඇත්තේ ගම්පහ අශ්වගිර වනාන්තරයේ අඩි 513ක් උසැති ගිරිකුස්සන ලෙන් අතරය.අදින් වසර 400කට පමණ පෙර මෙම උමං කටින් ඇතුළු වූ හිමිවරු 99ක් අතුරුදන් වූ බවත් උමං කටට ඇතුළු වූ පැරණි දඩයක්කරුවෙකුද මරණයට පත්වූ බවත් පැවසේ.


මෙම ගවේෂණ ආරම්භ කර ඇත්තේ ලක්දිව අප‍්‍රකට ඓතිහාසික ස්ථානවල ඉතිහාසය රටට ආවරණය කරමින් වැදගත් ග‍්‍රන්ථ රැසක් ලියූ ගවේෂණාත්මක ලේඛකයකු හා මාධ්‍යවේදියකු වන සිසිර කුමාර කුරුප්පුආරච්චි විසිනි.

පසුගියදා උමං කටින් ඇතුළට ප‍්‍රවිෂ්ට වී මොහු පර්යේෂණ ආරම්භ කර ඇත.ගල් පඩි පෙළක කොටසකට පසුව මහා ලෝකාන්තයක් වැනි ප‍්‍රදේශයක් දුටු බවත් පවසන මොහු ආධාරකයක් නොමැති වීම හා හුස්ම ගැනීමට අපහසු වීම හේතුවෙන් අඩි 15ක් පමණ දුරගොස් යළිත් හැරී පිටතට පැමිණ ඇතැයි වාර්තා වේ.

වසර 1970 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් මේ ස්ථානය සම්බන්ධව පර්යේෂණ ආරම්භ කළද 1976දී සිදුවූ එම මහතාගේ අභාවයෙන් පසුව මෙම ගවේෂණ අඩපණ වී ඇත.
 
Related Posts with Thumbnails