Ads 468x60px

.

දමිළ ලේඛකයින් සාහිත්‍යධරයින් විසින් සම්මානයට පාත‍්‍ර වූ එකම සිංහල කාන්තාව

ජාතික සමගිය උදෙසා  සිදුකළ මෙහෙවරක් ...

පසුගියදා වැල්ලවත්ත දමිළ සංගම් ශාලාවේදී පැවති  සම්මාන උළෙලකදී ප‍්‍රවීණ ගායන ශිල්පිනී ප‍්‍රදීපා ධර්මදාස මහත්මිය කොළොන්දු දමිළ සඟරාව මගින්  සම්මානයෙන් පුදනු ලැබුවාය.
ඇයට  මෙම සම්මානය පුදනු ලැබූයේ ඇය කලාව උපයෝගී කරගනිමින් ජාතික සමගිය උදෙසා  සිදුකළ  මෙහෙවර වෙනුවෙනි.


මෙහිදී ශ‍්‍රී ලාංකික කාන්තාවන් 09 දෙනකු වෙනුවෙන් සම්මාන ප‍්‍රදානය කළ අතර ප‍්‍රදීපා ධර්මදාස මහත්මිය මෙම සම්මානයට පාත‍්‍ර වූ එකම සිංහල කාන්තාව ද වූවාය.

ඇන්ටනී ජීවා, කලෙයි චෙල්වම්, අම්බුසිවා, පොන්නුදොරෙයි යන මහත්වරුන් ඇතුළු ප‍්‍රවීණ දමිළ ලේඛකයින් සාහිත්‍යධරයින් විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි.
 
Related Posts with Thumbnails