Ads 468x60px

.

හෙන්දිරික්ක මල් පිපෙන මිනි උස්සන වෙලාවට මොන නැකත්ද ?

රවී හෝරාවෙන් ගිනි මොලවන්නේ චිතකයටයි...
ජනතාව ගනදෙනු කරන්නේ ඉර උදාවත් එක්ක මිසක් ඉර බැහැල යාමත් එක්ක නෙවෙයි.

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ ලිපගිනි මෙලවීමේ නැකත අප්‍රේල් 13 වනදා අපරභාග 7:42 ට යොදාගෙන ඇති වෙලාව රටටත් ජනතාවටත් අහිතකර බව ජෝතිශ්‍යවේදීන් ගණනාවක් විසින් පෙන්වා දී ඇති අතර එය වෙනස් කරන මෙන් සංස්කෘතික ඇමතිගෙන් ඉල්ලා ඇත.


මේ පිලිබඳ අදහස් දක්වන ප්‍රවීන
ජෝතිශ්‍යවේදීන්

මුන්නේශ්වරම් කෝවිලේ සෝමසාමි පුජකතුමා
රවී ග්‍රහයා බලවත්ව ඇති උත්‍රසල් නැකත යෙදී ඇති මේ වෙලාව විපත් ගණයට වැටෙන අතර අටවක පොහොයද යෙදී ඇති බැවින් හිරු බස යන වෙලාවක අවුරුද්ද සැමරීම සුබදායක නොවේ.



අප්‍රේල් 13 වනදා හිරු උදාව වන පෙරවරු 06:05 ට පුදපුජා පැවැත්වීම හින්දු චාරිත්‍රානුකූලව සිදු කරනු ලබනවා. එම කාලයේදී රටටත් ජනතාවටත් ඉතා යහපත් පුවසල් නැකත යෙදෙනවා.

දඹදෙණියේ ප්‍රසිද්ධ ජෝතිර්වේදී කැප්පෙටිපොල මහතා
රවී හෝරාවෙන් ගිනි මොලවන්නේ චිතකයටයි. සිකුරුගේත් සිකුරු බලවත්ව ඉන්න හෝරාව වන රාත්‍රී 08:06 ට උතුර බලා ලිප ගිනි මෙලවීම සුබ දායකයි.

කොළොන්නාවේ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී ආනන්ද ඩයස්
මහතා
තුලා රාශිය ලග්නාධිපති සිකුරු අටවන්නේ කේතුගෙන් වැසි සිටින මේ වෙලාවේ ලිප ගිනි මෙලවිමෙන් මුළු වසරම පාලු වී යනවා.

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා
හෙන්දිරික්ක මල් පිපෙන මිනි උස්සන වෙලාවට මොන නැකත්ද කියල ලංකාවේ ජනතාව අතර මතයක් තියෙනවා. ජනතාව ගනදෙනු කරන්නේ ඉර උදාවත් එක්ක මිසක් ඉර බැහැල යාමත් එක්ක නෙවෙයි. රවී මාරුව සමගයි අවරුදු නැකත යෙදිලා තියෙන්නේ.



රවී ගෙන් නියෝජනය වෙන්නේ රජු සහ ජනතාව. ඒ නැකත් සම්පත් නැකත් උනානම් හරි. ඒ උනාට මෙවර නැකත් තියෙන්නේ උත්‍රසල් නැකතේ. ඒක විපත් නැකතක්. රවී උත්‍රසල් නැකතේ මාරුවීම නිසා බොහෝ විපත් ඇතිවේවි. රටවල්වල විපත් ඇති වේවි.


රටවල් වල රාජ්‍ය නායකයන්ට බලපෑම් ඇතිවේවි. මහජන කැළඹීම් ඇති වේවි. ආර්ථිකය අවුල් වේවි. ජන අරගල ඇතිවේවි. ඒ හින්දා රජුටත් ජනයාටත් ශාන්තිය උදා වන 13 වනදා පෙරවරුවේ අලුත් අවුරුද්ද පිළිගන්න..සංස්කෘතික උත්සවය පුරුදු පරිදි හැන්දෑවට පවත්වන්න.


මේ පිළිබඳව මහිපාල හේරත් ඇමතිවරයා විසින් ජනාධිපතිතුමා දැනුවත්කර ඇත. නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන සංස්කෘතික ඇමති ටි.බි. ඒකනායක මහතා පවසන්නේ පිළිගත් කමිටුවක් මගින් මෙම නැකත් සම්පාදනය කොට ඇති බවයි.
 
Related Posts with Thumbnails