Ads 468x60px

.

වසර මුලදී විවාහ වන බව කීවත් දුලානිට තවම පෙම්වතෙක් නෑ

ඇගේ වැඩිහිටියන් ඈ ඉක්මනින් විවාහකරදීමට උත්සාහ කරනවලු..

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් වන දුලානි අනුරාධා මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී විවාහ වන බව සතිඅන්ත පුවත්පතකට පවසා තිබිණි. 

එහිදීද ඇය සිය පෙම්වතා සම්බන්ධයෙන් හෙළි කිරීමක් කර නොතිබිණි.මේ අතර, ක්ෂේත‍්‍ර ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ දුලානිට පෙම්වතෙක් නොමැති බවයි.

පසුගිය කාලයේදී ඇයට එවැනි සම්බන්ධකම් කිහිපයක් තිබුණද මේ වන විට එම සම්බන්ධකම් බිඳ වැටී ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ඇගේ වැඩිහිටියන් ඈ ඉක්මනින් විවාහකරදීමට උත්සාහයක් පවතින බවද මේ අතර වාර්තා වේ.


අබා චිත‍්‍රපටයේ ගුම්භකබූතා චරිතයෙන් ජනපි‍්‍රයත්වයට පත් දුලානි අනුරාධා දක්ෂ නර්තන ශිල්පිණියකි.දුලානිට, සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයවන කුවේණිගේ චරිතය රගපෑමට ද අවස්ථාව උදාවූවාය.එම චිත‍්‍රපටයට ගීතමය නර්තන ජවනිකා රැසක් ඇතුළත්ව තිබෙන බවද පැවසේ.

දුලානි අනුරාධා නැගී එන දක්ෂ නිලියක් බව විචාරකයන්ගේ මතය වන අතර, ඇය 2008 වසරේදී සරසවි සමම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානයෙන් ද පිදුම් ලැබීය.පසුගිය දිනවල ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත් වහින්න මුතුවැස්සක් ටෙලි නාට්‍යයේ පබළු ගේ චරිතයට පණ පොවමින් ඇය ටෙලි නිළියක් ලෙසත් ජනපි‍්‍රයත්වට පත් වූවාය.
මේ වන විට ඇය නර්තන ගුරුවරියක් ලෙස සේවය කරනු ලබන්නීය.


 
Related Posts with Thumbnails