Ads 468x60px

.

කාන්තාවන්ට මත්වන පෙති වර්ගයක් දී මුදල් හා රන් ආභරණ කොල්ලකන කල්ලියක්...

තරුණ කාන්තාවන් නොමග යවමින් ලිංගික අවශ්‍යතාත් ඉටුකරගෙන...

දුරගමන් සේවා බස් රථවල යන එන කාන්තාවන් සමග මිතුරුවී, එසේ මිතුරු කරගන්නා කාන්තාවන්ට කිසියම් මත්වන පෙති වර්ගයක් උපක්‍රමශීලීව මිලදීගත් ආහාරයක් හෝ බිම වර්ගයක් සමග ලබා දී, එම කාන්තාවන් සතු මුදල් හා රන් ආභරණ කොල්ලකන පුද්ගලයින් විශාල පිරිසක් පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත කරුණු වාර්තාවී තිබේ. 


එම සංවිධානාත්මක පිරිස් කොළඹ පිටකොටුව බැස්ටියන් මාවත පරිශ්‍රයේ දුරගමන් සේවා බස්රථවලට ගොඩවී කාන්තාවන් මුලාවේ දමා ඇත.
තරුණ කාන්තාවන් නොමග යවමින් කායික අවශ්‍යතා ඉටුකරගන්නා පිරිමින්ද මේ අතර සිටින බව වාර්තාවේ.


දුරගමන් සේවා බස් රථවලට ගොඩවන මෙම පුද්ගලයින් කාන්තාවන් තනියම සිටින අසුනක වාඩිවී නොයෙකුත් කතා බහට මුල පුරමින් එම කාන්තාව සමග සම්බන්ධතාවක් ගොඩනගාගනිමින් සිය අවශ්‍යතාවන් ඉටුකර ගනිති.

වැඩි වේලාවක් බැස්ටියන් මාවත දුරගමන් සේවා බස් රථ නැවතුමේ රැඳී සිටින මොවුන් වැදගත් පෙනුමැති පුද්ගලයින් වන අතර ඔවුන් සමහරක් පිළිගත් රැකියාවන්වල නිරතවන අය බවද වාර්තාවේ.

‍පොලීසිය විසින්ද මෙවැනි පුද්ගලයින් කිහිපදෙනකු අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන ඇතත් තවමත් එවැනි පුද්ගලයින් අති විශාල පිරිසක් බැස්ටියන් මාවත බස් නැවතුම වෙත දහවල් කාලය සහ සවස් කාලයේදී පැමිණෙන බවද අනාවරණය වෙයි.


මෙවැනි පුද්ගලයින් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමටත් ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වන විට කටයුතු කරමින් සිටිති.
 
Related Posts with Thumbnails