Ads 468x60px

.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට මාව අහුඋනොත් කම්බස් කරයි - එස්.බී

සබරගමුව විශ්ව විද්‍යාලයේ දී  හූවක් හරි කියයි කියා බලාගෙන හිටියේ...
වාසනාවට එහෙම දෙයක් සිදු වුනේ නෑ...

විශ්ව විද්‍යාලවල ඇතැම් දරුවන්ට මාව දුන්නේත් මරලා කාවි යයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවර ප‍්‍රදේශවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.


ලංකාවේ විශ්ව විද්‍යාල හතක් ලොව හොඳම විශ්ව විද්‍යාල 5,000 අතරට ඇතුළත් වී තිබෙන බවත් කොළඹ විශ්ව විද්‍යාලය දකුණු ආසියාවේ 4වන තැනටත්, කටුබැද්ද විශ්ව විද්‍යාලය 11 වන තැනටත් පත්ව සිටින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ අපි දැන් අලූත් ගමනක් යන බවයි.

ලෝකයේ ඉල්ලූමට සරිලන අධ්‍යාපන ක‍්‍රමවේදයක් ලබාදීම අපේ මූලික වගකීම බවට පත් වී හමාර යයි පැවසූ ඔහු වසර ගණනක් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඉන් පිටවී රැුකියාවක් සොයාගෙන දේශපාලකයෙක් පස්සේ යාමට සිදුවෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ඉහල මට්ටමේ නිළධාරීන් මහාචාර්යවරුන් වගකිවයුතු යයිද සඳහන් කරයි.

විශ්ව විද්‍යාල සිසුන්ට තමන් අහුවුනොත් මරලා කන්න ඉඩ ඇති බවත් පසුගියදා සබරගමුව විශ්ව විද්‍යාලයට ජනාධිපතිතුමන් කැඳවාගෙන ගිය අවස්ථාවේ සිසුන් සැලසුම්කර හූවක් හරි කියාවිදැයි තමන් තුන් හතර වතාවක් විමසූ බවත් ඒ කිසි දෙයක් සිදු වුනේ නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails