Ads 468x60px

.

ඇත්තටම එහෙම එකක් නෑ.මිනිස්සු ඕන දෙයක් කියපු දෙන් - අමා හි ෂෙරිල්

දිගු දැස ගීතයේ මගෙත් එක්ක හිටපු පිරිමි ළමයත් එක්ක මම යාළුයි කියලා සමහරු කියනවා...

ෂෙරිල් රොමේන් ඩෙකර් පුරුදු නුපුරුදු නමක් වුවද අමා කාගේත් හිත් ගත්ත පුංචි තිරයේ අහිංසකාවියයි. ගැමිපෙනුමෙන්ද, බටහිර පෙනුමෙන්ද අපූරු සංකලනයක් වූ ඇය සැබවින්ම සුරූපිනියකි.

කලාකාරිනියක් විදිහට ගෙවෙන ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද?
හරිම සුන්දරයි  ඒ වගේම ටිකක් කාර්ය බහුලයි. අමා ටෙලිනාට්‍ය වගේම තවත් ටෙලි නිර්මාණයක රංගනය සඳහා මම දායක වුණා.


අලූත් ටෙලිනාට්‍ය මොකක්ද?
ඒකේ විස්තර නම් දැන්ම කියන්න බෑ.

අමාට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.  ගොඩක් කැමැත්තෙන් මේ නාට්‍යයේ රගපාන්නේ. මම ස්තූතිවන්ත වෙනවා මාව ගත්ත ශාන්ත සොයිසා මහත්මයාට වගේම  මහේෂ් සත්සර මද්දුමආරච්චි මහත්මයට. ඒ වගේම අමා කණ්ඩායමේ තේ හදන කෙනාගේ ඉඳලා හැමෝම මට ලොකු සහයෝගයක් දුන්නා. දැන් ෂෙරිලූයි අමාවයි පටලගෙන ඉන්නේ හැමෝම.

රංගන ශිල්පිනියක් විදිහට කලාවට අවතීර්ණ වූ හැටි මතක් කළොත්?
මම රංගනයට පිවිසෙන්නේ නර්තනය නිසා. කුලසිරි බුදවත්ත සර්ගෙන් මම ඉගෙන ගත්තේ. ඒ හරහා තමයි මට සිරස ඩාන්සින් ස්ටාර්වලට සම්බන්ධ  වෙන්න ලැබුණේ. මගේ මුල්ම චිත‍්‍රපටය බෙනට් රත්නායක මහත්මයගේ ‘‘ඉර හද යට’’ .

‘‘ඉර හද යට’’ වැනි දැවැන්ත සිනමා නිර්මාණයකට මුලින්ම සම්බන්ධ වීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?
හරිම ආඩම්බරයි. ඇත්තටම ගොඩක් අය වෙළෙඳ දැන්වීම් ටෙලිනාට්‍ය හරහා තමයි සිනමාවට එන්නේ. ඒත් මට මේ චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ ගැන බෙනට් රත්නායක මහත්මයට ස්තූති කරනවා.

ඔයාට කට කතා හැදිලා නැද්ද?
එහෙමත් නෑ. හැබැයි දිගු දැස ගීතයේ මගෙත් එක්ක හිටපු පිරිමි ළමයත් එක්ක මම යාළුයි කියලා සමහරු කියනවා. ඇත්තටම එහෙම එකක් නෑ. ඉතිං මං මොනවා කරන්නද? මිනිස්සු  ඕන දෙයක් කියපු දෙන්. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න  ඕනෙනේ.

දන්න විදිහට ෂෙරිල් ගොඩක් අහිංසකයි. අහිංසක වැඩි වුණාම ඔළුවට අත සෝදන්න එනවා නේද?
ඒක ඇත්ත. වැඩි පුරම වෙන්නේ නරක කරන අයට හොඳ කියන එකයි හොඳ කරන කෙනාට මඩ ගහන එකයි. මම  ඕන කෙනෙකුට කෙලින් කතා කරනවා. කාටවත් බය නෑ.

ඒ කියන්නේ අහිංසකයි කිව්වට ෂෙරිල් වසද?
ඉස්සර මම ගොඩක් දඟයි. වසයි. දැන්නම් කතා කරනවා අඩුයි. මම නිහඬ චරිතයක්. හැබැයි මට බොරුව වංචාව අල්ලන්නෙම නෑ. ඒ වෙලාවට නම් මම වසම වසයි.

පාසල් කාලය මතක් කළොත්?
මම ගියේ ශාන්ත ජෝසප් විද්‍යාලයට. ඒ කාලේ ඉගෙන ගන්න හොරයි. කළේ නර්තනයම තමයි සිංදුවක්, බෙරහඬක් ඇහෙන්නේ කොතනද ෂෙරිල් එතන.

ෂෙරිල් නිරූපිකාවක් විදිහට කටයුතු කළා.
ඔව්, අවුරුදු තුනහතරක්ම වැඩ කළා. ගෑණු ළමයෙක් විදියට විලාසිතා වැදගත්. හරියට තේරුම් අරන් ගැලපෙන විදිහට අදින්න පලදින්න පුළුවන් නම් ඒකෙ වරදක් නෑ.

ආදරවන්තයෙක් ඉන්නවද?
දැන්නම් නෑ. හැබැයි ආදරවන්තයෙක් හිටියා. ක්‍ෂේත‍්‍රයට එන්න කලින් අවුරුදු තුනක සම්බන්ධයක් තිබුණා. නොගැලපෙන හේතු නිසා දෙන්නම කතා කරලා සම්බන්ධය නතර කළා.

ආදර ඇරයුම් එහෙමත් අඩු නැතිව ඇති නේද ?
ඇත්තටම, ඒ වුණාට මට තව වයස තියනවානේ. ඒ ගැන දැන්ම හිතන්නේ නෑ.

හීන කුමාරයා මොන වගේද?
අද වෙන දේවල් දැක්කම ඔළුවෙ කැක්කුමයි. හැම තැනම අනියම් සම්බන්ධතා. හැබෑ ආදරය දකිනවා අඩුයි. මේවා දැක්කම හීන මැකිලා යනවා.

පවුලේ විස්තර මතක් කළොත්?
අම්මයි තාත්තයි අක්කයි මමයි. අක්කා විවාහකයි. පුංචි දුවෙක් ඉන්නවා මං වගේම. අම්ම තමයි හෙවණැල්ල වගේ මගේ ළගින් ඉන්නේ.

මොනවද අනාගත බලාපොරොත්තු?
ලොකු ලෙකු බලාපොරොත්තු නෑ ඉතිං. ඒවා ඉෂ්ට නොවුනම දුක හිතෙනවනේ. දෙවියන් වහන්සේගේ කැමැත්තට හැමදේම සිදුවේවි.
අපේ‍්‍රල් 10 වැනිදා ෂෙරිල්ගේ උපන්දිනයට අපෙනුත් සුභ පැතුම්… 

පාටියක් දානවද?
බොහොම ස්තූතියි පාටිනම් නෑ. ළමා නිවාසයකට දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා.
 
Related Posts with Thumbnails