Ads 468x60px

.

සයිෆ් , කරීනා ලබන 16 බඳිනවා - සයිෆ්ගේ මව...

ඒත් මධුසමය නම් කල් යනවා...
සාදය සඳහා ස්ථානයක් හෝ දිනයක් තවමත් නියම වී නෑ...

මෙතෙක් කල් ලොවම බලාසිටි බොලිවුඩ් තරු යුවළක් වන සයිෆ් අලී ඛාන් සහ කරීනා කපුර්ගේ විවාහය එළැඹෙන ඔක්තෝබර් 16වැනි දින පැවැත්වෙන බව සයිෆ්ගේ මව නිල වශයෙන් දැනුම් දී තිබේ.


විවාහ චාරිත‍්‍ර වලින් පසුව පි‍්‍රය සම්භාෂණ උත්සවයක් පැවැත්වෙන නමුත් විවාහ උත්සවය විශාල එක්ක නොවන බව සයිෆ් ගේ මව වන සිනමා නිළි ශර්මිලා තාගෝර් පවසයි. 


සයිෆ් ගේ පියා වන මන්සූර් අලී ඛාන් පටෝඩි මියගොස් වැඩිකලක් නොමැති බැවින් මෙම විවාහ උත්සවය විශාල නොවනු ඇතැයි පැවසේ.
සයිෆ්ගේ මව විවාහයෙන් මෙන්ම කරීනා ද විවාහයෙන් පසුව දිගටම සිනමා නිර්මාණවලට දායකවන බවත්, ඇය වසරකට චිත‍්‍රපටි දෙකක පමණක් රගපානු ඇති බවත් ඉන්දීය මාධ්‍ය කියා සිටියි.

ශර්මිලා යනු විවාහයෙන් පසු සිනමාව තුළ වඩාත් ස්ථාවර වූ සිනමා නිළියකි. එකල කුඩා සයිෆ්ද ඇය රඟපෑ ආරාධනා චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක විය.

කරීනා – සයිෆ් විවාහ චාරිත‍්‍ර උත්සවය සයිෆ් ගේ මහගෙදර පැවැත්වෙනු ඇති අතර, ඒ සඳහා ඔවුන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් පමණක් සහභාගී වනු ඇත.

මොවුන් දෙදෙනාට බොලිවුඩ් ක්ෂේත‍්‍රයේ යාළු මිත‍්‍රාදීන් රැසක් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් පසුව උත්සවයක් පැවැත්වෙනු ඇති බවද ඉන්දීය මාර්ග කියාසිටියි. මෙම සාදය සඳහා ස්ථානයක් හෝ දිනයක් තවමත් නියම වී නොමැත.

කෙසේ වෙතත්, මේ වන විට කරීනා භාරගත් චිත‍්‍රපටි වල වැඩකටයුතු අඩාල වන හෙයින් ඔවුන් මධුසමය නම් කල් යනු ඇතැයි ද පැවසෙන බව ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.



Kareena, Saif do the catwalk togetherKareena Kapoor and Saif Ali Khan
 
Related Posts with Thumbnails