Ads 468x60px

.

බලෙන් බැන්දුවොත් දෙමාපියන්ට සිරදඬුවම්

බලහත්කාරයෙන් සිදුකෙරෙන විවාහ තහනම්ලු...
වසරකට තරුණියන් 8,000ක්  බලහත්කාරයෙන් විවාහ කරවනලු...

ඉදිරියේදී නීතිගත කිරීමට නියමිත නව නීති මාලාවක් යටත් එංගලන්තයේදී හා වේල්ස් හිදී සිය දරුවන් බලහත්කාරයෙන් විවාහ කරදුන්නහොත් දෙමාපියන් හට සිරදඬුවම් ලැබිය හැකි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.



ස්කොට්ලන්තය තුළ මේ වන විටත් බලහත්කාරයෙන් සිදුකෙරෙන විවාහ තහනම් වේ.බලහත්කාරයෙන් සිදුකෙරන විවාහ ඉතා අශෝභන කි‍්‍රයා පිළිවෙතක් බවත්, එය අපරාධයක් ලෙස නම්කිරීමෙන් එම කි‍්‍රයා නොඉවසන බවට ප‍්‍රබල පණිවුඩයක් සමාජයට නිකුත් වනු ඇති බවත් බි‍්‍රතාන්‍ය ස්වදේශී කටයුතු පිළිබඳ කාර්යාලයේ ලේකම්වරිය වන තෙරේසා මේ පවසයි.

කෙසේ වෙතත්, මෙම නව නීති මගින් විවාහ වන දෙපාර්ශයේම කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් සිදුකෙරන විවාහ හා දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව සිදුවන යෝජිත විවාහ අතර පැහැදිලි වෙනස හඳුනාගෙන කි‍්‍රයාකරනු ඇත.

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් කියා සිටින්නේ බලහත්කාරයෙන් සිදුකෙරන විවාහ වහල්භාවයට නොදෙවෙනි බවත්, එය සම්පූර්ණයෙන් ම වැරදි කි‍්‍රයාවක් බවත්ය.මෙම නව නීති උතුරු අයර්ලන්තයට බලනොපාන බව විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියි.

වසරකට තරුණියන් 8,000ක් පමණ මෙලෙස බලහත්කාරයෙන් විවාහ කරවන බව ඇස්තමේන්තු කර ඇත.සේ නමුත්, තම පවුල් සාමාජිකයන් අපරාධකරුවන් ලෙස නම් වනු ඇතැයි බියෙන් මෙවැනි විවාහ වලට ගොදුරුවන බොහෝදෙනා ඉදිරියට පැමිණීමට මැලි වනු ඇතැයි කි‍්‍රයාකාරීන් සැක පළ කරයි.
 
Related Posts with Thumbnails