Ads 468x60px

.

තරුණයකු වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුච්චලා...

පිළිස්‌සුම් තුවාල 8 ක්‌ සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්‌ටේ රෝහලට...
රුණයා ප්‍රදේශයෙන් අතුරුදන් වෙලා...

ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පිච්චූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිරාඳුරුකෝට්‌ටේ පොලිසිය විශේෂ මෙහෙයුමක්‌ සිදුකරන බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.



පිළිස්‌සුම් තුවාල 8 ක්‌ සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්‌ටේ රෝහලට ඇතුළත් කර ඇත. කුඩා දැරිය දුම්වැටියක්‌ ආධාරයෙන් පිළිස්‌සූ රුණයා වයස 16 ක අයෙක්‌ වන අතර ඔහු ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇතිබව පොලිසිය පවසයි.


කුඩා දැරියගේ නැන්දනිය පිළිස්‌සුම් තුවාල දැක ඒ පිළිබඳ ගිරාඳුරුකෝට්‌ටේ පොලිසියට පැමිණිලි කර ඇත. කුඩා දැරියගේ මව, දැරිය සමඟ අසල්වාසී නිවාසයකට නිදාගැනීමට ගොස්‌ සිටි අවස්‌ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.





 
Related Posts with Thumbnails