Ads 468x60px

.

ජුලම්පිටියේ අමරේ ගේ ඉරණම...

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

නමගිය වරෙන්තුකරයෙකු වන ගීගන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ උසාවියට භාර වී තිබේ. 

මෙම සාහසිකයා මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ , ගෙවල් ගිනිතැබීම් , කප්පම් ගැනීම් , මත්ද්‍රව්‍ය (ගංජා ) මහා පරිමාණයෙන්  වගා කිරීම හා විකිණීම වැනි  ක්‍රියා සිදු කොට නිදැල්ලේ හැසිරෙමින් සිටි අපරාධකරුවෙකි. 

මොහුට අපරාධ කිරීම සඳහා දේශපාලන සවිය ලබා දෙන ලද්දේ දකුණේ කාල්ටන් වලව්වෙනි. එට් හේතුව මොහු කාල්ටන් වලව්වාසීන්ගේ උවමනාවන් මත දේශපාලන ඝාතන කර තිබීමයි. ජුලම්පිටියේ අමරේ ඊශ්‍රායලයේ  නිෂ්පාදිත  මිනි උෂි අවියකින් සන්නද්ධව යුද හමුදා කැලෑ   ඇඳුම්වලින් සැරසී ඩිෆෙන්ඩර් රථයකින්  කටුවන ඇතුළු අවට ප්‍රදේශවල නිතරම සැරිසරන පුද්ගලයකු බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. 


කටුවන පොලිසියේ නිලධාරීන් ද මොහුට දැඩි බියක් දක්වති.  කටුවන පොලිසියේ  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ .සී රාජපක්ෂ මෙම අපරාධකරුට කතා කරන්නේ සර් කියමිනි. එසේම මොහු දකුණු පළාතේ සේවය කරන උසස් පොලිස් නිලධාරීන්ට මාසිකව ගෙවීම් සිදු කරයි. මේ නිසා පොලිසිය ජුලම්පිටියේ අමරේ අත්අඩංගුවට ගත්තේ  නැත. 

නමුත් නැග එන උද්ගෝෂණ හමුවේ තාවකාලිකව අධිකරණයට භාර වන ලෙස කාල්ටන් වලව්වෙන් මොහුට උපදෙස් ලැබී තිබේ. එම නිසා මොහු අධිකරණයට භාර වි ඇත. බන්ධනාගාර ගතවුවද එය අමරේට ප්‍රශ්නයක් නොවේ.  තංගල්ල බන්ධනාගාර නිලධාරින්ද මොහුගේ මුදල් නිසා මෙම අපරාධකරයාට සලකන්නේ රජෙකුට මෙනි. එබැවින් බන්ධනාගාර ගතවීම මොහුට  හෝටලයකට ගිය හා සමානය.   


ජුලම්පිටියේ අමරේ විසින් සිදු කොට ඇති මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ , ගෙවල් ගිනිතැබීම් වලට අදාල සාක්ෂි දැනටමත් විකෘති කොට තිබේ. එසේම සාක්ෂිකරුවන්ට තර්ජනය කොට ඔවුන් දුර්මුබ කොට ඇත. මේ නිසා මොහුට එරෙහිව ප්‍රබල සාක්ෂි ගොනු වන්නේ නැත. 

එසේම මොහුගේ නඩුව අසන තංගල්ල මහේත්‍රාත් චන්ද්‍රසේන රාජපක්ෂ විශ්‍රාම යාමෙන් පසු මහාධිකරණ කොමසාරිස් ධුරයක් බලාපොරොත්තුවෙන්   සිටින අයෙකි. එම තනතුර ජුලම්පිටියේ අමරේ විසින්  විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂට ලබා දෙන බවට පොරොන්දු වි ඇත. රෙජීමයේ නායකයන්  ජුලම්පිටියේ අමරේගේ වචනය අහක නොදමන නිසා  තංගල්ල මහේත්‍රාත් චන්ද්‍රසේන රාජපක්ෂ  අමරේට හානියක් වන තීන්දුවක් දෙන්නේ නැත. 

එම නිසා මෑතකදී ජුලම්පිටියේ අමරේ විසින් සිදු කොට තිබෙන මිනීමැරුම් දෙකේ උද්ගෝෂණ උණුසුම පහව ගිය වහාම ඔහුට ඇප ලැබීම සිකුරුය. නඩුවේ සාක්ෂි පොලිසිය විසින් විකෘති කොට ඇති නිසා නඩුවලින්ද ඔහු නිදහස ලබනු ඒ කාන්තය. 

අනාගතයේදී මොහු ප්‍රාදේශීය සභාවකටද චන්දය ඉල්ලා දිනනු ඇත. යකඩ හොරා වූ  අයි ටී එන් එකේ වරෙන්තුකාර සුදර්මන් රදලියගොඩ නිරුපද්‍රිතව සිටින රටක ගීගන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේට විරුධව නිතිය ක්‍රියාත්මක වේ යැයි සිතීම විහිළුවකි. අප ජිවත් වන්නේ අපරාධකරුවන් විසින් පාලනය කරන අපරාධකරුවන්ට  කැප කරන ලද සමාජයකය. 


 
Related Posts with Thumbnails