Ads 468x60px

.

සිරි දළදාගමනයේ ශාපයෙන් සුමින්ද මියගියේ ද..? ඔහු සිය හෝටල් කාමරය තුළම මියගියේ ඇයි...?

මෙහි කැමරා කිරීම ශාපයක්ලු ...
දැන් කැමරා ශිල්පීන් කැමරා කිරීමට බයයිලු...

පසුගියදා හදිස්සියේ අභාවප‍‍්‍රාප්තවූ ප‍‍්‍රවීන කැමරාකරණ ශිල්පී සුමින්ද වීරසිංහ මියගියේ බෞද්ධ කතාවස්තුවක් වන සිරි දළදාගමනයේ කැමරාකරණය භාර ගැනීම නිසා යැයි කලා කෙෂ්ත‍‍්‍රය තුළ මතයක් ඇතිව තිබේ.
 
වීරසිංහ මහතා මියගියේ සිරි දළදාගමනයේ රූගත කිරීමක් සඳහා අනුරාධපුරයේ සිටියදීය.
ඔහු සිය හෝටල් කාමරය තුළම මියගොස් සිටි අතර ඔහුගේ පරිගනකයද කි‍‍්‍රයාත්මක කර තිබූ බව පැවසේ.


වීරසිංහ මහතා රෝහලට ඇතුල් කිරීමෙන් පසුව වෛද්‍යරුන්ගේ නිගමනයවී තිබුනේ ඔහු මිය ගොස් ඇත්තේ ඒ මහතා රෝහලට ඇතුළු කිරීමට පැය කිහිපයකට පෙර බවයි.

ඔහු මිය ගිය දිනට පෙරදින රාති‍‍්‍රයේ සිරිදළදා නිෂ්පාදන කණ්ඩායමේ  සාදයක් තිබී ඇති අතර එය මධ්‍යම රාත‍්‍රි වන තෙක් පැවැති බවද පැවසේ.
වීරසිංහ මහතා ඊට සහභාගිවී සිය කාමරයට පැමිණ ඇත්තේ මියගිය දින අලූයම් කාලයේදීය.

ඔහුගේ යාබද කාමරයේ සිටි කලා අධ්‍යක්‍ෂවරයාට උදෑසන තේ කෝප්පය දී වීරසිංහ මහතාට තේ කෝප්පය දීම සඳහා කතා කළ ද ඔහු අවදි වී නැත. පසුව කලා අධ්‍යක්‍ෂකවරයාද කතා කල නමුත් ඔහු අවදි කිරීමට නොහැකි වී ඇත.  සෙසු සාමාජිකයන් සුමින්දගේ කාමරය විවෘත කර ගැනීමට උත්සාහ කළද එය විවෘත නොකළ බැවින් එම කාමරයේ ජනේලයක් කඩා ඊට ඇතුළුවී තිබේ.

එලෙස ඇතුළුවන විට සුමින්ද බිම වැටී සිටි බවත් ඔහුගේ උපැස් යුවල ද නිසි පරිදි පැළඳ සිටි බවත් එම කාමරයේ තිබූ පුටුවක හිඳ ගැනීමට උත්සාහ කර තිබූ බවටත් සලකුණු තිබුණු බව වාර්තා වේ.කෙසේවවුද අදාල චිත‍‍්‍රපටය ආරම්භයේ සිටම නොයෙකුත් බාධා ඇතිව තිබූ බවද මේ අතර වාර්තා වේ.

මෙම චිත‍‍්‍රපටයට මුදල් සැපයීමට ප‍‍්‍රධාන පෙළේ දේශපාලඥයකු මුලින්ම පවරා තිබුණේ පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට කරවල සපයන වෙළෙන්ඳකුට බව පැවසේ.අදාල දේශපාලඥයාගේ උපදෙස් පරිදි ඔහු මෙම චිත‍‍්‍රපටයේ අධ්‍යක්‍ෂ හා තිර රචක සනත් අබේසේකර මහතාට නාරාහෙන්පිට ප‍‍්‍රදේශයෙන් කාර්යාලයක් ලබාදී තිබූ බව පැවසේ.

පසුව අදාල වෙළෙන්ඳා මෙම චිත‍්‍රපටය සඳහා මුදල් යෙදවිය නෙහැකි බවත් එම නිසා තම කාර්යාලයෙන්ද පිටවී යන ලෙසත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයාට පවසා තිබේ.එසේ පාරට වැටුණු සනත් පසුව පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේදානන්ද හිමියන් හමුවීමට ගොස් තමාට සිදුවූ අකර තැබ්බය පවසා සහනයක් ඉල්ලූ විට අදාල චිත‍‍්‍රපටය නිෂ්පාදනයට අවශ්‍ය මුදල සොයා දෙන්නට එහිමියෝ එකඟවී තිබේ.

ඒ අනුව එල්ලාවල හිමියන් විසින් මේ චිත‍‍්‍රපටය නිෂ්පාදනයට අකරවිට සංඝානන්ද හිමියන්ව එකඟකරවාගෙන ඇත’අකරවිට සංඝානන්ද හිමියන්ට ද මෙතරම් මුදලක් නැති බැවින් සම අනුග‍‍්‍රහයට මෙරට ප‍‍්‍රමුඛ පෙළේ චිත‍‍්‍රපට නිෂ්පාදිකාවක වන ඊ. ඒ. පී. චිත‍‍්‍රපට සමාගමේ සභාපතිනිය ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය එක්කරගෙන ඇත.

අකරවිට සංඝානන්ද හිමියන් මෙම චිත‍‍්‍රපටය නිෂ්පාදනයට යොදවා ඇත්තේ  ඕස්ටෙ‍්‍රියාවේ යම් බෞද්ධ සිද්ධස්ථානයක්  තැනීමට උන්වහන්සේගේ දායකයන් විසින් ලබාදුන් මුදලක් බවද පැවසේ.
කෙසේවවුද උන්වහන්සේ මේ මුදල සිරිදළදාගමනය නිෂ්පාදනයට යෙදවීමට සිය දායකයන්ගෙන් අවසර ලබාගෙන අති බවද වාර්තා වේ.

සිරිදළදා ගමනය නිෂ්පාදනය කිරීමට ගොස් ඇතිවූ තවත් ප‍‍්‍රශ්න රාශියකි.
ඉන් හේමාමාලා කුමරියට පුෂ්පිකා සඳමාලි ගැනීම නිසා ද ප‍‍්‍රශ්න ඇති විය. මේ වන විට ඇය එම චරිතයෙන් ඉවත්කර තිබේ.එසේම මුහුරත් උළෙලට එක්වූ ශිල්පීන්ගෙන් විශාල පිරිසක් මේවන විට මේ චිත‍‍්‍රපටය මඟහැර ගොස් ඇති බවද පැවසේ.

වර්තමානයේ විශාලම අර්බුදයවී ඇත්තේ මෙහි කැමරා කරණය කිරීමට කැමරා ශිල්පීන් සම්බන්ධ කර ගැනීමට ඇති අපහසුතාව බවද වාර්තා වේ.
මෙහි කැමරා කිරීම ශාපයක් වන බවට පැතිර යන කතාවක් නිසා කැමරා ශිල්පීන් මෙය බියක් දක්වන බවද පැවසේ.
 
Related Posts with Thumbnails