Ads 468x60px

.

ශ්‍රක්‍රයා ඕනෙම වෙලාවක එන්නේ ගැණු ප්‍රශ්ණයකටලු - සන්නස්ගල කියයි...

දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා... 
දැන් අපේ දෙකෝටියක් ඉන්නවා... 
එකෙකුට 17 ක් ඉන්නවනේ...
මේ එකෙක් එනවද...කෑවාද..බිව්වද අහන්න
 
දෙවිවරුන් යනු රටේ කැබිනට් මණ්ඩලය ලෙස තමා දකින බවත්, ඒ කැබිනට් මණ්ඩලයේ නායකයා ශ්‍රක්‍ර දෙවියා බවත්, ශ්‍රකයා සැම විටම ගැහැණු පස්සේ යන මුදල් විනාශ කරන කෙනෙකු බවත්, ප්‍රවින සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.
 
පසුගිය 18 දා කොළඹ බිෂොප් විද්‍යාලයේ පැවති මහාචාරය ගංගනාත් දිසානායක මහතාගේ “පැණි වළලු” පොත එලිදැක්විමේ උත්සවයට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.
  
“මේ සියලු බලතල තියෙන ඕනෑම අමාත්‍යංශයක් අත් අඩංගුවට ගන්න හැකි ශ්‍රක්‍රයා තමයි ජනාධිපතිවරයා….අමාත්‍යංශ ටික අයිති..දැන් ජාතක කතාවල ශ්‍රක්‍රයා කවුද? ශ්‍රක්‍රයා ඕනෙම වෙලාවක එන්නේ ගැණු ප්‍රශ්ණයකටනේ….
 
දැන් බලන්න අන්ධභූත ජාතකය ගත්තාම රජ්ජුරුවෝ සුදු කෙලිනවා. රජ්ජුරුවෝ භාණ්ඩාගාරයේ සල්ලි වලින් සුදු කෙලින කොට ශ්‍රකයා කවදාවත් ඇවිල්ලා කියන්නේ නෑ සුදු කෙලින්න එපා කියලා.
 
රජ්ජුරුවෝ දුර්තයෝ දාලා අනුන්ගේ පවුල් කඩාකප්පල් කරනවා…. ශ්‍රක්‍රයා හොද කෙනක් නම් ඇවිල්ලා එපා කියන්න තිබුනානේ……හැබැයි අන්තිමට ගෑණි තනි වුනාම ශ්‍රක්‍රයා ඉන්නවා….”
 
මෙසේ  විවිධ අමාත්‍යංශ ,විවිධ දෙවිවරුන්ට සම කරන සන්නස්ගල මහතා අවසානයේ කියා සිටියේ ‘දැන් අපි පින් දුන්නොත්නේ මේ දෙවිවරුත් ඉන්නේ ..තිස්තුන් කෝටියක් ඉන්නවා …දැන් අපේ දෙකෝටියක් ඉන්නවා ,,එකෙකුට 17 ක් ඉන්නවනේ ..මේ එකෙක් එනවද ..කෑවාද..බිව්වද අහන්න ..’යනුවෙනි..
 
සන්නස්ගල මහතා ගේ තියරිය අනුවම බැලුවහොත් එය එක් අතකින් සිතා බැලිය යුත්තකි …ජනතාවගේ ජන්දයෙන්ම පත් වී සිටින ඇමතිවරුන් කීයෙන් කීදෙනෙක් අද ජනතාවගේ දුක සැප සොයා බලනවාද  යනුවෙන් ගතහොත් එයද කිව හැක්කේ දෙවියන්ටම පමණි !
 
මේ එම කතාව
 
Related Posts with Thumbnails