Ads 468x60px

.

තමිල්නාඩු ගිය රෙජිනොල්ඩ් කුරේට වහාම එරටින් පිටවෙන්න කියලා...

එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්...
අමාත්‍යවරයා ආරක්‍ෂක ස්ථානයක් වෙත රැගෙන ගිහින්...

තමිල්නාඩුවේ කෝයිම්බතූර් උක් පර්යේෂණ ආයතනයේ පැවැත්විමට නියමිතව තිබු උත්සවයකට සහභාගි විම සදහා ඊයේ (07) ඉන්දියාවට ගොස් සිටි සුළු අපනයන බෝග ප‍්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතාව එරට ආරක්ෂක අංශ විසින් හරවා ඒවා ඇත.


එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සංවිධාන කර තිබු  විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන්, ඇමතිවරයාට එරටින් වහාම පිටවන ලෙස එහි ආරක්‍ෂක අංශ දැනුම් දී තිබේ. පසුව තමිල්නාඩු ආරක්ෂක අංශවල උපදෙස් මත අමාත්‍යවරයා චෙන්නායි හරහා කොළඹට පැමිණ තිබේ.

අමාත්‍යවරයා රැඳී සිටි හෝටලය අසලට පැමිණි එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් අමාත්‍යවරයාට එරෙහිව විරෝධතාවක නිරත වූ බවත්, පසුව, ඉන්දියානු ආරක්ෂක අංශ මැදිහත්වී අමාත්‍යවරයා ආරක්‍ෂක ස්ථානයක් වෙත රැගෙන ගිය බවත් වාර්තා වේ.

විරෝධතාවයේ නිරත වූ  100 දෙනෙකු පමණ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද එම වෙබ් අඩවියේ සඳහන් කරයි.තමිල්නාඩුවේ දැඩි  එල්.ටි.ටි.ඊ. හිතවාදීන් වන විඩුදලෙයි සිරුත්තෛගල් පක්ෂයේ සාමාජිකයන් ද මෙම උද්ඝෝෂණයට සහභාගි වූ බවද  වාර්තා වේ.

මීට පෙර ද තමිල්නාඩු ප‍්‍රාන්තයට ගිය මෙරට අමාත්‍යවරයෙකුට සහ නියෝජ්‍ය ඇමතිවරියකගේ සැමියෙකුට එරෙහිව විරෝධතා එල්ලවිය.

 
Related Posts with Thumbnails