Ads 468x60px

.

පසුගිය කාලයේ නිකුත් වූ නවක වද වීඩියෝව නිර්මාණය කරන ලද්දක් දැයි සැකයක්...

එම වීඩියෝව පටිගත කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේලු...

පසුගිය කාලයේ විශ්ව විද්‍යාලයක් තුල නවක වදය සිදු කරන ලදැයි සඳහන් කරමින් නිකුත් වූ වීඩියෝව,සැබෑවක් නොව නිර්මාණය කරන ලද්දක් බවට රාවයක් මේ දිනවල පවතිනවා. 


නිදහස් අධ්‍යාපානය වෙනුවෙන් පෙනි සිටින ශිෂ්‍ය ව්‍යාපාර නීතිය යොදාගනිමින් මර්දනය කිරිම අරමුණු කර ගනිමින් මෙම විඩියෝව නිර්මාණය කර ඇති බවටයි ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරන්නේ..




මෙම විඩියෝව පදනම් කර ගනිමින්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා සිසු හැරවුම් ව්‍යාපාරය සදහන් කර සිටිනවා.

නවක වදය ලබා දෙන අයුරු ඇතුලත් විඩියෝව රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නවක සිදුන් හට ජේෂ්ඨ ශිෂ්‍යන් විසින් නවක වදය ලබා දෙන අයුරු පටිගත කර ඇති අතර එම වීඩියෝව මගින් සඳහන් කරන්නේ එය පටිගත කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලය තුල බවයි. 

නමුත් එම වීඩියෝව පිලිබඳ අදහස් දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සුසරිත් මෙන්ඩිස් මහතා එම වීඩියෝව පටිගත කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලය තුල යන කරුණ ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

කෙසේවෙතත් එම විඩියෝවෙහි සිටින ජේෂ්ඨ සිසුන් හදුනාගෙන විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මේ වන විටත් කටයුතු කෙරෙමින් පවතින බවත් ආරංචි මාර්ග සදහන් කරයි...මේ එම වීඩියෝව

නවක වද කථිකාව තව දුරටත්...

 
Related Posts with Thumbnails