Ads 468x60px

.

අලාභ හානි මෙතෙක් ගණන් බලා නොමැති ටොනාඩෝ සුළි සුළඟ...

මේ සියල්ල වෙන්නට විනාඩි 2 ක් ගියේ නෑ...
මුලින්ම හෙමින් ආ සුළඟ ක්‍රමයෙන් ශබ්දය වැඩි වෙමින් හමා ගියා...
 
වැල්ලවත්ත ප්‍රදේශය හරහා ඊයේ 7 උදෑසන හමා ගිය ටොනාඩෝ සුළි සුළඟින් මෝටර් රථ හා යතුරු පැදි කිහිපයකට හා නිවාස 200 කට අධික සංඛ්‍යාවකට අලාභ හානි වී ‍පොලිස් නිලධාරියකු ඇතුළු ප්‍රදේශවාසීන් 30 කට පමණ තුවාල සිදුවී තිබෙනවා.
 
ධාරානිපාත වැස්සත් සමග මෙම ටොනාඩෝ සුළි සුළඟ වැල්ලවත්ත පාලම අසල මුහුදු තීරයේ ‍පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අලාභ හානි කරමින් ගොඩ බිමට ඇතුළු වී යාබද මහල් නිවාස කිහිපයකට, සැවොයි සිනමා ශාලා ඔචාර්ස් ගොඩනැගිල්ල හා යාබඳ ‍පොලිස් වංචා විමර්ශන ඒකකයේ වහලයන්ට හානි සිදුවී තිබෙනවා. 
 
පීටර් සන් පටුමග පීටර්සන් කුරේ ක්‍රීඩාංගණයේ පාපන්දු ක්‍රීඩා මණ්ඩපය සම්පූර්ණයෙන් විනාශ කර එහි ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපයට හා යාබද  තාප්පයකට හා නිවාස සංකීර්ණයේ යාබද නිවාස රැසකට අලාභ හානි කරමින් හමා ගොස් තිබෙනවා .
 
වැල්ලවත්ත වංචා විමර්ශන ඒකකයේ වහලය ගැලවී එහි කොටස්, රාජකාරියේ යෙදී සිටි ‍පොලිස් නිලධාරියකු මත වැටීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි ‍පොලිස් නිලධාරි මහතකු පැවසුවේ ,
 
මේ සියල්ල වෙන්නට විනාඩි 2 ක් ගියේ නෑ මුලින්ම හෙමින් ආ සුළඟ ක්‍රමයෙන් ශබ්දය වැඩි වෙමින් හමාගිය බවත් ඒ සමගම තම කාර්යාලයේ ලිපිගොනු පවා පාවී ගියා. 
 
යැයි පැවසුවා .
 
කෙසේවෙතත් මේ පිළිබඳ වූ අලාභ හානි මෙතෙක් ගණන් බලා නොමැති බවත් වාර්තා වෙනවා.
 
 
 
 
Related Posts with Thumbnails