Ads 468x60px

.

සබීතා මං ඔයාට ආදරෙයි. මං ආයෙත් ගෙදර යන්නේ නැහැ - සබීතාගේ රසිකයෙක් හඩා වැළපෙයි...

සිය සිනමා මතකය අවදි කරන සබීතා පෙරේරා..
ත් රසිකයෙක් කෝ මගේ ආදරනීය සබීතා කියලා කෑගහන්න පටන් අරන්...

මගේ ප‍්‍රථම චිත‍්‍රපටය ‘සබීතා’. ඊට පසුව මමයි රජා, නෝම්බර 17, ඡායා, සුජාතා, දෙවැනි ගමන ඇතුළු චිත‍්‍රපට රාශියක් තිරගත වූවායින් පසුවයි සිසිල ගිනි ගනී චිත‍්‍රපටය තිරයට ආවේ.

ඉතින් මේ චිත‍්‍රපට නැරඹූ මගේ එක් රසිකයෙක් එක දවසක් මාව සොයාගෙන ආවා අපේ ගෙදර. ඊට පස්සේ ඒ රසිකයා කියන්න පටන් ගත්තා සබීතා මං ඔයාට ආදරෙයි. මං ආයෙත් ගෙදර යන්නේ නැහැ කියලා. එදා මමයි අම්මයි ඒ ළමයාට හොඳට සංග‍්‍රහ කරලා හොඳින් කියලා ගෙදර යැව්වා.

ආයෙත් දවසක් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉඳලා තවත් රසිකයෙක් අපේ ගෙදර හොයාගෙන ඇවිත් තියෙනවා. එදා මං ගෙදර සිටියේ නැහැ. ඉතින් ඒ රසිකයා ගේට්ටුව උඩින් වත්තට පැනලා ඇවිත් කෝ මගේ ආදරනීය සබීතා කියලා කෑගහන්න පටන් අරගෙන. මේ සද්දෙට අවට මිනිස්සු ඇවිත් එයාව සන්සුන් කරන්න උත්සාහ අරගෙන තියනවා. ඒත් හරි ගිහින් නැහැ.

ඊට පස්සේ එයා අපේ ගෙදර මිදුලේ තිබුණු කාර් එකේ වහල උඩට නැගලා මේ තියෙන්නේ සබීතාගේ කාර් එක. මං මේ කාර් එකෙන් බිමට බහින්නේ නැහැ කියලා අඬන්න ගත්තලූ. ඊට පස්සෙ අපේ අම්මා හොඳටම බයවෙලා පොලිසියට ටැලිෆොන් කරලා පොලිසිය ඇවිත් එයාව එක්කර ගිහින් කූඩුවේ දාලා උසාවියේ නඩුවකුත් දැම්මා... 


ජීවිතයේ ප‍්‍රථම වතාවට මට මේ සිද්ධිය නිසා උසාවි යන්නත් වුණා. මං ගරු අධිකරණයට කරුණු පහදලා දීලා ප‍්‍රශ්නය ගොඩින් බේරගත්තා. ඒ රසිකයාට යහතින් ගෙදර යන්න අවස්ථාව සලසලා දුන්නා. මෙන්න මේ වගේ අපේ රටේ රසිකයින් සබීතා පෙරේරාට තවමත් ආදරෙයි. සබීතා පෙරේරාත් ආදරෙයි.
 
Related Posts with Thumbnails